AFC Banner
Empty Ad
Empty Ad

ගං වතුර පාලනය සඳහා තිරසර විසඳුමක අවශ්‍යයි – ජනපති

නිරන්තරයෙන් ඇතිවන ගං වතුර පාලනය සඳහා නිශ්චිත හා තිරසර වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (14) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම හා කළුතර ජනතාවට කඩිනමින් සහන සැපයීම ප්‍රමුඛ කාර්යය කර ගන්නා ලෙසත්, ඉන් පසුව දේපළ හානි පූර්ණය සඳහා කටයුතු කරන ලෙසත්, ජනාධිපතිවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීම සඳහා මේ වන විටත් අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව තවත් මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට දන්වා සිටියා.

මෙම වසරේදී මීට පෙර ඇති වූ ගංවතුර තත්ත්වයේදී දේපළ හානි පූර්ණ නොවූ ජනතාවගේ ගැටලු පිළිබඳව ද සොයා බලා ඊට අදාළ වන්දි ලබාදීම් සිදුකරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News 🛑5 වසර ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වයි #breakingnews
Video thumbnail
රනිල්ගේ පින්තුරේට හදුන්කූරු අල්ලනවාලු
04:43
Video thumbnail
බදුල්ලට ගිහින් ඩිලාන් දැම්ම සද්දේ - දැන් එයාලා කල් පැන්න බඩු
01:50
Video thumbnail
බීමත් යතුරුපැදිකරුවෙක් නිසා සිදු වූ අනතුර
01:06
Video thumbnail
සජිත් ප්‍රේමදාස පැරදුනේ නෑ - ඩීල් එකකින් පැරද්දුවා #sajithpremadasa
00:58
Video thumbnail
ගිං ගඟේ ජල මට්ටම ඉහළට #climate #whether_news #shortvideo #viralnews
00:14
Video thumbnail
පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කමිටු වාර්ථාව එළියට ආවාම වෙන්න යන දේ #shortvideo #viralvideo
00:40
Video thumbnail
ගංවතුරේ පුටුවක් දාගෙන මොකද්ද මේ කරන්නේ
02:35
Video thumbnail
පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කමිටු වාර්ථා දෙක ප්‍රසිද්ධ කරන්න - ගම්මන්පිලගෙන් අනතුරු ඇඟවීමක්
05:16
Video thumbnail
අනුර ගැන තිබ්බ විශ්වාසයඅද දවසින් දවස කඩා වැටෙනවා
03:55

?