ගංවතුර හේතුවෙන් බංග්ලාදේශයේ පුද්ගලයින් 20 දෙනෙකු මරුට

නොනවතින මෝසම් වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය මත බංග්ලාදේශයේ පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ආපදා තත්ත්වය හේතුවෙන් මිලියන 5.2කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි බංග්ලාදේශ බලධාරීහු ප්‍රකාශ කරන්නේ.

රජයේ ප්‍රධාන උපදේශක මොහොමඩ් යූනුස් මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ගංවතුරෙන් විපතට පත් වූවන් ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා පරිපාලනය විසින් අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි.

මෙහිදී අසල්වැසි ඉන්දියාවේ වේලි වාන් දොරටු විවෘත කිරීම නිසා ගංවතුර ඇති වූ බවට බංග්ලාදේශයේ ඇතැමුන් චෝදනා කරන අතර එය නවදිල්ලිය විසින් ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අතර ජල මට්ටම ඉතා සෙමින් බැස යමින් පවතින බැවින් මෝසම් වර්ෂාව දිගටම පැවතුණහොත්; ගංවතුර තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවටයි බංග්ලාදේශ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?