ගංවතුරින් පූර්ණ නිවාස හානි වෙනුවෙන් එක් නිවසකට රු: ලක්ෂ 25ක්

ගංවතුරින් නිවාස හානිවලට ලක් වූවන්ට සහන සැලසීම සඳහා ගත යුතු පියවර පිළිබඳ ව සාකච්ඡාවක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

පසුගිය දිනවල දිවයිනට බල පෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නිවාස හානි වූ පුද්ගලයන්ට සහන සැලසීම වෙනුවෙන් ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධවයි මෙම සාකච්ඡාව අද (25) දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්වුණේ.

ආපදාවන්ට ලක් වූ ජනතාව වෙත ඔවුන්ගේ නිවාස පිළිසකර කරගැනීම සඳහා අවශ්‍ය සහාය කඩිනමින් ලබාදීම සඳහා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධ ව පැමිණි සිටි නිලධාරීන් සමග සාකච්ඡා කළා.

ජනාධිපති ප්‍රමුඛ රජය විසින් අනුමත කර ඇති පරිදි පුර්ණ හෝ අර්ධ නිවාස හානි වෙනුවෙන් ලබාදෙන වන්දි මුදල් වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් මේ වනවිටත් වෙන් කර ඇති බවත් එම මුල්‍යධාර ලබාදීම නිසි ක්‍රමවේදයක් ඔස්සේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

පුර්ණ වශයෙන් හානි වී ඇති එක් නිවසක් සඳහා රුපියල් ලක්‍ෂ 25ක් ලබාදීමට දැනට යෝජනා වී ඇති අතර එවැනි නිවාසවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය ලබා ගැනීමට යෝජනා වී තිබෙනවා.

එමගින් ශ්‍රමය ලබා ගැනීමේ දී ඇති වන ගැටලු මගහරවා ගැනීමට හැකි වනු ඇති බවත් අමාත්‍යවරයා කරුණු දක්වමින් පැහැදිලි කළා.

මෙම ක්‍රියාවලියේ දී පැන නැගිය හැකි ප්‍රායෝගික ගැටලු හා ඒවාට ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළු බොහෝ කරුණු සම්බන්ධයෙන් මෙහිදී රාජ්‍ය නිලධාරින් සමග සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒ අනුව ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින්, කෘෂි නිලධාරින්, ආපදා සහන නිලධාරින් ඇතුළු රාජ්‍ය සේවයේ සියලු නිලධාරින්ගේ සහයෝගය මෙම ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා අවධාරණය කෙරුණා.

මෙම සාකච්ඡාව සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් උදය හේරත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අතුල කරුණානායක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අතිරේක ලේකම් ගමගේ ධර්මතිලක, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නියෝජිත නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද එක් වූ බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?