ගංවතුරින් පූර්ණ නිවාස හානි වෙනුවෙන් එක් නිවසකට රු: ලක්ෂ 25ක්

ගංවතුරින් නිවාස හානිවලට ලක් වූවන්ට සහන සැලසීම සඳහා ගත යුතු පියවර පිළිබඳ ව සාකච්ඡාවක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

පසුගිය දිනවල දිවයිනට බල පෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නිවාස හානි වූ පුද්ගලයන්ට සහන සැලසීම වෙනුවෙන් ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධවයි මෙම සාකච්ඡාව අද (25) දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්වුණේ.

ආපදාවන්ට ලක් වූ ජනතාව වෙත ඔවුන්ගේ නිවාස පිළිසකර කරගැනීම සඳහා අවශ්‍ය සහාය කඩිනමින් ලබාදීම සඳහා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධ ව පැමිණි සිටි නිලධාරීන් සමග සාකච්ඡා කළා.

ජනාධිපති ප්‍රමුඛ රජය විසින් අනුමත කර ඇති පරිදි පුර්ණ හෝ අර්ධ නිවාස හානි වෙනුවෙන් ලබාදෙන වන්දි මුදල් වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් මේ වනවිටත් වෙන් කර ඇති බවත් එම මුල්‍යධාර ලබාදීම නිසි ක්‍රමවේදයක් ඔස්සේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

පුර්ණ වශයෙන් හානි වී ඇති එක් නිවසක් සඳහා රුපියල් ලක්‍ෂ 25ක් ලබාදීමට දැනට යෝජනා වී ඇති අතර එවැනි නිවාසවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය ලබා ගැනීමට යෝජනා වී තිබෙනවා.

එමගින් ශ්‍රමය ලබා ගැනීමේ දී ඇති වන ගැටලු මගහරවා ගැනීමට හැකි වනු ඇති බවත් අමාත්‍යවරයා කරුණු දක්වමින් පැහැදිලි කළා.

මෙම ක්‍රියාවලියේ දී පැන නැගිය හැකි ප්‍රායෝගික ගැටලු හා ඒවාට ගනු ලබන ක්‍රියාමාර්ග ඇතුළු බොහෝ කරුණු සම්බන්ධයෙන් මෙහිදී රාජ්‍ය නිලධාරින් සමග සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒ අනුව ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින්, කෘෂි නිලධාරින්, ආපදා සහන නිලධාරින් ඇතුළු රාජ්‍ය සේවයේ සියලු නිලධාරින්ගේ සහයෝගය මෙම ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා අවධාරණය කෙරුණා.

මෙම සාකච්ඡාව සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් උදය හේරත්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අතුල කරුණානායක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අතිරේක ලේකම් ගමගේ ධර්මතිලක, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නියෝජිත නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද එක් වූ බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34