ගංජා නීතිගත කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට ඩොනල්ඩ් ට්‍රම්ප් සැරසෙයි

තමා උපන් ජනපදය වන ෆ්ලොරිඩා ජනපදයේ විනෝදාස්වාදය සඳහා ගංජා නීතිගත කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට ඇමෙරිකානු ජනපති ධුර අපේක්‍ෂක හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහය පළකර තිබෙනවා.

ඒ අනුව ලබන නොවැම්බරයේ සිට බලාත්මක වීමට යෝජිත ෆ්ලොරිඩා ජනපදයේ ව්‍යවස්ථා සංශෝධනයත් සමග අවුරුදු 21 ඉක්ම වූ පුද්ගයින්ට තම පුද්ගලික අවශ්‍යතාවය මත කිසිදු වෛද්‍ය නිර්දේශයකින් තොරව ගංජා ලබා ගත හැකියි.

අමෙරිකාවේ බොහෝ ජනපදවල ගංජා නීත්‍යානුකූලව පවතින විට ෆ්ලොරීඩාවේ ගංජා ළඟ තබාගත් පුද්ගලයෙකු අපරාධකරුවෙකු සේ නොසැලකිය යුතු බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරන්නේ.

ඔවුන් සතුව පුද්ගලික ගංජා සුළු ප්‍රමාණයක් ළඟ තබා ගැනීමේ හේතුව මත නිරපරාදේ අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ජීවිත විනාශ කිරීමට
තමන් යටතේ පවතින රජයක් සුදානම් නැති බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

යෝජිත සංශෝධනය යටතේ ස්වාධීනව ගංජා වගා කිරීම තවදුරත් නීති විරෝධී නොවන ඕනෑම පුද්ගලයෙකුට ගංජා අවුන්ස 03 ක් දක්වා ළඟ තම ගැනීමට නීතියෙන් අවසරය හිමි වනවා.

ට්‍රම්ප් සිය පුද්ගලික සමාජ මාධ්‍යයක සටහනක් දක්වමින් කියා සිටින්නේ, “අපි යන සෑම තැනකම ගංජා සුවඳ දැනීම නැති කිරීම සඳහා පොදු ස්ථානවල ගංජා භාවිතය තහනම් කරන රෙගුලාසි ක්‍රියාත්මක කරන ලෙස තම ජනපදයේ නීති සම්පාදකයින්ගෙන් ඉල්ලීමක් කරන බවයි”.

දැනටමත් ජනපද 50 කින් සමන්විත ඇමෙරිකාවේ ජනපද 24 ක විනෝදාස්වාදය වෙනුවෙන් ගංජා භාවිතය හා ළඟ තබා ගැනීමට නීතියෙන් අවසර හිමිව තිබෙනවා.

තවත් ජනපද 14ක් වෛද්‍යමය අවශ්‍යතා සඳහා ගංජා ළඟ තබා ගැනීම හා භාවිතයට නීතියෙන් ඉඩ ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59

?