AFC Banner
AFC Banner
Empty Ad

ගංජා කිලෝ 300කට ගිනි තියයි (ඡායාරූප)

වවුනියා මහා අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව ගංජා කිලෝ ග්‍රැම් 300ක් පමණ ගිනි තබා විනාශ කර තිබෙනවා.

වවුනියා මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චරියන් මහතාගේ අධික්ෂණය යටතේ මෙම ගංජා තොගය ගිනි තබා විනාශ කළා.

ඉකුත් 2023 වසරේ මහාධිකරණයේ අවසන්වූ නඩු 12ට අදාලව අධිකරණයට ඉදිරිපත් කර තිබු මෙම ගංජා තොගය යාපනය නුවර ඒ 09 මාර්ගයේ සන්තශෝලේ ප්‍රදේශයේදී අධිකරණ නිලධාරීන් පොලිස් නිලධාරීන් ඇතුළු නිලධාරී මඩුල්ලක් ඉදිරියේදී ගිනි තබා විනාශ කිරීම සිදු කෙරුණා.

ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙම ගංජා තොගය ගිනි තබා විනාශ කල අතර එහිදී ජන ශුන්‍ය ප්‍රදේශයකයි මෙම ගංජා තොගය විනාශ කිරීම සිදුවුනේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?