AFC Banner
Empty Ad
Empty Ad

කෝවිලේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් විදුලි සැර වැදී පුද්ගලයෙක් මිය ගිහින්

කෝවිලේ ශබ්ද විකාශන යන්ත්‍රයේ විදුලි කාන්දුවකින් විදුලි සැර වැදීමක් හේතුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (18) මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය, අනලිතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙක්.

යාපනය, අනලතිව්, අයියනාර් කෝවිලේ තිබූ ශබ්ද විකාශන යන්ත්‍රයට විදුලිය ලබාගෙන තිබූ විදුලි රැහැනේ විදුලි කාන්දුවකින් මෙම පුද්ගලයාට විදුලි සැර වැදී ඇති බවයි කයිට්ස් පොලිසිය සඳහන් කළේ.

විදුලි සැර වැදුණු පුද්ගලයා යාපනය රෝහලට ඇතුළත් කලත් ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය, කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?