බියට සහ කලබලයට පත්විය යුතු නැහැ – ජනපති ජනතාවට කියයි

මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය සමඟ මෙරටට එල්ලවන අභියෝග ජය ගැනීම රජයට කළ හැකි බවත් අභියෝහය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය වන ශක්තිමත් වැඩපිළිවෙළක් රජය සතු බවත් ජනාධිපතිවරයා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (17) පස්වරු 7.30ට ආරම්භ වූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

”මන් මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කිසි කෙනෙක් බියට පත්විය යුතු නැහැ. කලබලයට ලක්විය යුතු නැහැ. අපිට මේ කාර්ය කළ හැකි. මේ අභියෝගය ජයග්‍රහණය කළ හැකි. ඒ අභියෝහය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය වන ශක්තිමත් වැඩපිළිවෙළක අපි ඉන්නවා.” යැයි ජනාධිපතිවරයා සඳහන් කළා.

එමෙන්ම මෙරටට තෙල් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන කඩිනම් තීන්දු සහ තීරණ ගැනීම සඳහා ද විශේෂ කමිටුවක් මේ වන විට පත්කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

”මේ වගේ අවස්ථාවක ලෝකේ පොඩි Black Market එකක් ගොඩනැගෙනවා. මුහුදේ තියෙන නැව් එහෙට මෙහෙට අලෙවි කරනවා. එකම නැවට ඒජන්ට්ලා කිහිපදෙනෙක් ඉදිරිපත් වෙනවා. ඒක තමයි මෙවැනි අර්බුධයක ඇතිවෙන තත්ත්වය. අපිට පෞද්ගලික අංශය වගේ නෙවෙයි, අපිට රාජ්‍ය අංශයට එවැනි ක්ෂණික මිලදී ගැනීමක් කර ගැනීමේ හැකියාවක් අපිට ලැබෙන්නේ නැහැ. නමුත් අපි ඒ සඳහාත් කල්පනා කරනවා. ක්ෂණිකව තීන්දු තීරණ අරගෙන මිලදී ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රශස්ත නිලධාරීන්ගේ සමන්විත කමිටුවක් අපි ඔඅත් කරලා තියෙනවා. ක්ෂණිකව කවුරුහරි දැන් තියෙන නැවක් මේ වෙලාවේ අපිට හරවල දෙන්න පුළුවන් කියලා කියනවනම් ඒයලට අපි අවස්ථාව දීලා තියෙනවා.” ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

  1. වැඩ පිළිවෙල අනර්ඝය . බලශක්තිය නිසාම අසමි.. විශේෂ කමිටුවේ සාමාජිකයින් කවුද ?????

  2. ජනාධිපති තුමනි , ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායමට තම තමන්ගෙ කොට්ටාශ වලට ගොස් ජනතාව පෝලිම් වල විඳින සැප කොතෙක්ද කියල බලන්න කිව්වොත් නරකද මේ වෙලාවෙ. චන්දෙ කාලෙ දැක්ක මුණු ඊට පස්සෙ නම් දැක්කෙම නෑ.. නියම ජනතා සේවකයෝ නම් මේ වෙලාවෙනෙ ජනතාව සමග ඉන්න ඕන.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10