කෝලි සහ නවීන් සතුරු වෙද්දී මැදට පැන්න ගාම්භීර්ට දෛවයෙන් සරදමක්

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි සහ ඇෆ්ගනිස්ථාන වේග පන්දුයවන ක්‍රීඩක නවීන් උල් හක් අතර පැවති විරසකය අවසන් වී ඇති ආකාරය ලෝක කුසලාන තරගාවලියේ පසුගිය දා නිමා වූ ඉන්දු – ඇෆ්ගනිස්ථාන තරගය අතර තුර දැකගත හැකි වුණා.

එහිදී තරගය අතර තුර ඔවුන් දෙදෙනා ඉතා මිත්‍රශීලීව එකිනෙකා වැළඳගන්නා ආකාරය දැකගැනීමට ලැබුණු අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබුණා.

නිමා වූ 2023 අයි.පී.එල්. තරගාවලියෙන් රෝයල් චැලෙන්ජස් බැංගලෝර් සහ ලක්නව් සුපර් ජයට්ස් අතර තරගයක දී පිටියේ ඇති වූ කිසියම් සිදුවීමක් මත විරාට් කෝලි සහ නවීන් උල් හක් අතර මතභේදාත්මක තත්ත්වයක් හට ගත්තා.

තරගය අතර තුර ඇති වූ මෙම සිදුවීම තවත් උත්සන්න වුණේ තරගයෙන් පසු ලක්නව් පිළේ උපදේශක ලෙස කටයුතු කළ ගෞතම් ගම්භීර් ද ඊට මැදිහත්වීම හේතුවෙන්.

එහිදී කලක සිට කිසියම් අමනාපයකින් පෙළෙන කෝලි සහ ගම්භීර් අතර ද උණුසම් තත්ත්වයක් හට ගත්තා.

කෙසේ වෙතත් ඉන්දීය ප්‍රේක්ෂකයින් මෙම සිදුවීමෙන් පසු ඇෆ්ගනිස්ථාන වේග පන්දුයවන ක්‍රීඩක නවීන් උල් හක්ට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩිව පහරදෙන ආකාරය දැකගත හැකි වුණා.

පසුගිය දා අවසන් වූ ඉන්දු – ඇෆ්ගනිස්ථාන තරගයේ දී, පැවති විරසකය අවසන් කරමින් කෝලි සහ නවීන් උල් හක් සුහදව ක්‍රීඩාකරන අවස්ථාවේ දෛවයේ සරදමක් මෙන් තරගයේ විස්තර විචාරක කුටියේ විස්තර විචාරකයෙකු ලෙස ගෞතම් ගම්භීර් කටයුතු කළා.

එදා එම සිද්ධියට මැදි වූ ගාම්බීර් තරගයේ විස්තර විචාරයේදී පවසා සිටියේ මෙවැන්නක්.

“ඔබ සටන් කරන්නේ පිටියේ මිස පිටියෙන් පිටත නොවේ. සෑම ක්‍රීඩකයෙකුටම තම කණ්ඩායම වෙනුවෙන් සටන් කිරීමට, ගෞරවය සඳහා සටන් කිරීමට සහ ජයග්‍රහණය සඳහා සටන් කිරීමට අයිතියක් ඇත. ඔබ කුමන රටකට අයත් වුවත් ඔබ කෙතරම් දක්ෂ ක්‍රීඩකයෙක් ද යන්න වැදගත් නොවේ. හොඳම දේ තමයි විරාත් කෝලි සහ නවීන් උල් හක්, ඕවර අතරේ ඉන්නවා දැක්කම අපිට පේනවා සටන අවසන් වෙලා කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43