කෝලිගේ වටිනා ඉනිමෙන් ඉන්දීය ලකුණු පුවරුව ප්‍රබල තැනක නවතී

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 176ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ඉන්දීය ඉනිමේ මුල් කඩුලු තුනක් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීයාමත් සමඟ සමඟ විරාට් කෝලි සමඟ එක් වූ අක්ෂාර් පටෙල් ඉන්දීය ඉනිමට සවිමත් අත්තිවාරමක් දැමුවා.

එහිදී විරාට් කෝලි ලකුණු 76ක් රැස්කරමින් සිය 38 වන ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කළා.

පන්දු 59 කින් වර්ණවත් වූ කෝලිගේ ඉනිමට හයේ පහර 02ක් සහ හතරේ පහර 06ක් ඇතුළත් වුණා.

මේ අතර මෙම තරගයේ දී පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබා පැමිණි අක්ෂාර් පටෙල් ද අර්ධ ශතකය පෙනෙන මානයේ සිටිය දී ලකුණු 47කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.

ඉන්දීය ඉනිමේ වෙනුවෙන් ශිවම් ඩුබේ ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කේෂව් මහාරාජ් කඩුලු 02ක් බිඳ දැමූ අතර, කගිසෝ රබාඩා සහ මාර්කෝ ජැන්සන් එක් කඩුල්ල බැඟින් බිඳ දැමුවා.

ඒ, අනුව 2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 177ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?