කෝලිගේ වටිනා ඉනිමෙන් ඉන්දීය ලකුණු පුවරුව ප්‍රබල තැනක නවතී

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 176ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ඉන්දීය ඉනිමේ මුල් කඩුලු තුනක් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීයාමත් සමඟ සමඟ විරාට් කෝලි සමඟ එක් වූ අක්ෂාර් පටෙල් ඉන්දීය ඉනිමට සවිමත් අත්තිවාරමක් දැමුවා.

එහිදී විරාට් කෝලි ලකුණු 76ක් රැස්කරමින් සිය 38 වන ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කළා.

පන්දු 59 කින් වර්ණවත් වූ කෝලිගේ ඉනිමට හයේ පහර 02ක් සහ හතරේ පහර 06ක් ඇතුළත් වුණා.

මේ අතර මෙම තරගයේ දී පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබා පැමිණි අක්ෂාර් පටෙල් ද අර්ධ ශතකය පෙනෙන මානයේ සිටිය දී ලකුණු 47කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.

ඉන්දීය ඉනිමේ වෙනුවෙන් ශිවම් ඩුබේ ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කේෂව් මහාරාජ් කඩුලු 02ක් බිඳ දැමූ අතර, කගිසෝ රබාඩා සහ මාර්කෝ ජැන්සන් එක් කඩුල්ල බැඟින් බිඳ දැමුවා.

ඒ, අනුව 2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 177ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08