කෝලිගේ ලෝක වාර්තාව SKY සමකරයි

ශ්‍රී ලංකාව සමඟ ඊයේ (27) පැවති පළමු 20-20 තරගයෙන් සුපිරි ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

එක් අවස්ථාවක කඩුලු 02ක් දැවී ලකුණු 149ක් ලබාගෙන ජයග්‍රාහී මාවතේ සිටි ශ්‍රී ලංකාව, මැදපෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් ලකුණු 21කට ඉතිරි කඩුලු 08 බිඳවැටී තරගය ලකුණු 43කින් පරාජයවීමට සිදුවුණා.

මේ අතර මෙම තරගයේ වීරයා සම්මානය හිමිකර ගන්නට ඉන්දීය නායක සූර්යකුමාර් යාදෙව්ට හැකියාව ලැබුනේ ඔහු රැස්කළ වේගවත් ලකුණු 58 හේතුවෙන්.

සූර්යකුමාර් මෙලෙස තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමත් සමඟ සුපිරි ඉන්දීය පිතිකරු විරාට් කෝලි ජගත් විස්සයි විස්ස පිටියේ තබා තිබූ ලෝක වාර්තාව සම කරන්නට ද ඔහුට හැකියාව ලැබුණා.

ඒ, ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවල දී වැඩිම අවස්ථාවක තරගයේ වීරයා බවට පත් වෙමින්.

සූර්යකුමාර් මේ වනවිට ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 69කට ක්‍රීඩා කරමින් අවස්ථා 16කදී තරගයේ වීරයා බවට පත්ව ඇති අතර, විරාට් කෝලි විස්සයි විස්ස තරග 125කට ක්‍රීඩා කරමින් ඉන් තරග 16කදී තරගයේ වීරයා බවට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් සූර්යකුමාර් යාදෙව්, මේ වනවිට 20-20 පිටියෙන් විශ්‍රාම ගෙන සිටින කෝලිට වඩා අඩු තරග සංඛාවකින් මෙම දක්ෂතාව දක්වා තිබීම විශේෂත්වයක්.

සූර්යකුමාර් යාදව් (ඉන්දියාව) – 16 (තරග 69 කදී)
විරාත් කෝලි (ඉන්දියාව) – 16 (තරග 125 කදී)
සිකන්දර් රාසා (සිම්බාබ්වේ) – 15 (තරග 91 කදී)
මොහොමඩ් නබි (ඇෆ්ගනිස්ථානය) – 14 (තරග 129 කදී)
රෝහිත් ෂර්මා (ඉන්දියාව) – 14 (තරග 159 කදී)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
3
+1
11
+1
1
+1
1
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13