කෝලිගේ උපන්දිනය සමරන්න කොල්කටා පිටියේ ගිනිකෙළි දල්වද් දී අශ්වයෙක් මිය ගිහින්

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිගේ 35 වන උපන්දින සැමරුම පසුගිය ඉරිදා (05) උත්කර්ෂවත් අන්දමින් කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගනයේ දී සමරණු ලැබුවා.

එම සැමරුමේ ප්‍රීතිය දෙගුණ තෙගුණ වුණේ ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සමඟ එදින පැවති තරගයේ දී විරාට් කෝලි සිය 49 වන ජාත්‍යන්තර එක්දින ශතක වාර්තා කිරීම හා දකුණු අප්‍රිකා පිළට දරුණු පරාජයක් අත්කර දීමට ඉන්දීය කණ්ඩායමට හැකිවීමත් සමඟයි.

මෙම සුවිශේෂී අවස්ථා තුන සැමරීමට බෙංගාල ක්‍රිකට් සංගමයට (CAB) අවශ්‍ය වූ නිසා ඊඩ්න් ගාර්ඩන් පිටියෙන් පිටත ගිනිකෙළි සංදර්ශනය පැවැත්වීමට ඔවුන් කටයුතු කර තිබුණා.

ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයෙන් පසු ඇරඹු එම ගිනිකෙළි සංදර්ශනය ඉතා අලංකාරවත් ස්වරුපයක් ගත්තා.

එලෙස ගිනිකෙළි සංදර්ශනය පැවැත්වෙන අතර වාරයේ ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගණයෙන් පිටත සිදුවූ ඉතා අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කර තිබුණා.

ඒ, කොල්කටා මවුන්ටඩ් පොලිසියේ අශ්වයෙකු මෙම ගිනිකෙළි පිපිරවීම හේතුවෙන් හදිසි හෘදයාබාධයකින් මිය යාමේ පුවතයි.

ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ වාර්තාවකට අනුව, මෙම අශ්වයා ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් පිටත රාජකාරියේ යොදවා සිටිය දී මෙලෙස මියගොස් ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වී ඇත්තේ.

අනිමේෂ් චක්‍රබෝර්ති නමැති පොලිස් අශ්වාරෝහකයා සමඟ එම අවස්ථාවේ මෙම අශ්වයා රැඳී සිට ඇති අතර, එලෙස අවාසනාවන්ත ලෙස මිය යනවිට අශ්වයාගේ වයස අවුරුදු 05 යි මාස 10ක්.

මේ අතර බෙංගාල ක්‍රිකට් සංගමයේ ලේකම් නරේෂ් ඕජා ද පැවසුවේ රතිඤ්ඤා පිපිරවීම සඳහා දූෂණ පාලන මණ්ඩලයෙන් සහ කොල්කටා පොලිසියෙන් පූර්ව අවසරයක් ලබාගෙන තිබූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29