AFC Banner
AFC Banner
Empty Ad

කෝප් කමිටුවේ රැස්වීම් තාවකාලිකව නවතා දමයි

නැවත දැනුම්දෙන තුරු කෝප් කාරක සභා රැස්වීම් නොපැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට අද (17) දැනුම් දුන්නා.

මේ අතර කෝප් කාරක සභා රැස්වීමක් අද (17) දින පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතව තිබුණා.

පසුගිය අඟහරුවාදා (14) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ දී එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ රැසකගේ විරෝධය එල්ල වුණා.

එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් චෝදනාකර සිටියේ කෝප් කමිටු සභාපතිවරයා එම රැස්වීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පක්ෂග්‍රාහීව කටයුතු කළ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?