කෝප් කමිටුවේ රැස්වීම් තාවකාලිකව නවතා දමයි

නැවත දැනුම්දෙන තුරු කෝප් කාරක සභා රැස්වීම් නොපැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට අද (17) දැනුම් දුන්නා.

මේ අතර කෝප් කාරක සභා රැස්වීමක් අද (17) දින පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතව තිබුණා.

පසුගිය අඟහරුවාදා (14) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ දී එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ රැසකගේ විරෝධය එල්ල වුණා.

එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් චෝදනාකර සිටියේ කෝප් කමිටු සභාපතිවරයා එම රැස්වීමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පක්ෂග්‍රාහීව කටයුතු කළ බවයි.