කෝටි 3ක් වංචා කළ ගුරුවරයෙකු සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ විමර්ශන

ආයෝජනය කරන මුදල් සඳහා සිත් ගන්නා සුළු පොලියක් ලබාදෙන බව පවසමින් පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ පාසල් ගුරුවරයෙකු සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

හොරණ ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට එරෙහිවයි මෙලෙස විමර්ශනය ආරම්භ කර ඇත්තේ.

සැකකාර ගුරුවරයාට එරෙහිව මේ වන විට පොලීසිය වෙත පැමිණිලි 35කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ ගුරුවරයා විසින් රුපියල් කෝටි 3කට අධික මුදලක් මෙලෙස වංචා කර ඇති බවටයි.

බහුතරයක් පැමිණිලි ලැබී ඇත්තේ ගුරුවරුන්ගෙන් සහ ගුරුවරියන්ගෙන් වීම ද විශේෂත්වයක්. තමන් සිදුකරන විවිධ ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කළහොත් රුපියල් ලක්ෂයක මුදලකට මාසිකව රුපියල් 20,000ක පොලියක් ලබාදෙන බව පවසා මෙම මුදල් වංචා කර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?