කෝටි 22 ක් වැයකර ඉදිකළ තුම්මෝදර පාලම විනාශයට (ඡායාරූප)

රුපියල් කෝටි 22 කට වැඩි මුදලක් වැය කර ඉදිකිරීම් ආරම්භ කල නාත්තන්ඩිය – තුම්මෝදර පාලමේ වැඩ අතර මග නතර කර දැමීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දුෂ්කරතාවට පත්ව සිටිනවා.

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන තදබදයට විකල්පයක් ලෙසට මෙම පාලමේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2020 සැප්තැම්බර් මාසයේ.

පාලමේ වැඩ 2021 වසරේ දෙසැම්බර් මස 19 වැනිදාට පෙර අවසන් කිරීමට නියමිතව තිබුණත් මෙතෙක් එය සිදුවී නැහැ.

“අරාබි ආර්ථික සංවර්ධනය සදහා වූ ක්වේට් අරමුදල”(KFAED) ව්‍යාපෘතිය යටතේ මෙරට පාලම් 25 ක් සංවර්ධනය කිරීමට යෝජනා වූ අතර එසේ සංවර්ධනය කිරීමට යෝජිත පාලම් 25 ට තුම්මෝදර පාලමද ඇතුළත් වුණා.

නව පාලම ඉදිකිරීමේදී ගලවා ඉවත්කළ පැරණි පාලමේ සුන් බුන්ද තවමත් තැන තැන ගොඩ ගසා ඇති අතර එම ස්ථාන තුළ මත් ජාවාරම් ඇතුළු සමාජ විරෝධී ක්‍රියා සිදුවන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා නගන්නේ.

තද වැසි කාලවලදී හැමිල්ටන් ඇල පිටාර ගැලීමත් සමග මෙම පාලමේ දෙපස ඛාදනයට ලක්වන අතර එය පාලමේ ඉදකිරීම් සිදුකර ඇති කොටසටද ගෙන දෙන්නේ හානියක්.

අදාල පාලම් ව්‍යාපෘතිය වෙනුවෙන් රජය, ණය හා වාරික ගෙවන පසුබිමක, තුම්මෝදර පාලම මෙලෙස විනාශයට පත්වීම එක් පසෙකින් ජනතා අභිලාශ ඉටු නොවීමක් මෙන්ම ජාතික ධනය ද විනාශවී යෑමක්.

02 2
07
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් ලෙසටම ෆයර් වෙයි..මහින්ද ජයසිංහගෙන්ම ගිහින් අහගන්න ඕවා..
06:00
Video thumbnail
වසන්ත විපක්ෂයට හොඳම එකෙන් දෙසයි..මේ විශ්වාසභංගයෙනුත් විපක්ෂයට විශ්වාසය භංග වෙන්නේ
07:18
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම
00:32
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16


?