spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝටි 2 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 60 ක් මුහුදු වෙරළේ (ඡායාරූප)

යාපනය අනලතිව් දූපතේ මුහුදු වෙරළට ගොඩගසා තිබූ රුපියල් කෝටි 2 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 60 ක් අද (24) දින සොයාගත් බවට නාවික හමුදාව පවසනවා.

උතුරු නාවික විධානයේ නිලධාරීන් පිරිසක් විසින් අනලතිව් මුහුදු වෙරළ තීරයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මුහුදු වෙරළට ගොඩගසා තිබූ ගෝනි උර දෙකක් හමු වී ඇති අතර එම උර පරික්ෂා කිරීමේදී එහි තිබී පාර්සල් 25 ක කේරළ ගංජා තොගය හමු වී තිබෙනවා.

ඉන්දියාවේ සිට ජාවාරම් කරුවන් විසින් මුහුදු මාර්ගයෙන් අදාල කේරළ ගංජා තොගය රැගෙන එන අවස්ථාවේදී නාවික හමුදා යාත්‍රා දැක මුහුදට දමා පලා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කර සිටින අතර අදාල කේරළ ගංජා තොගය වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා කයිට්ස් පොලීසිය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?