කෝටි 15ක මත්ද්‍රව්‍ය ජපුර සරසවිය අසළින් අල්ලයි

මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ‘ශිරාන් භාෂික්ගේ’ ප්‍රධාන ගෝලයෙක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසළදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඊයේ (01) මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ශිරාන් බාසික්ගේ ප්‍රධාන ගෝලයා වන කපිල හෙවත් ‘ඉසුරු’ නැමැත්තා සහ ඔහුගේ බිරිඳ කෝටි පහළොවක පමණ වටිනාකමින් යුත් මෙම මත්ද්‍රව්‍ය තොගය ද සමග අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ඉසුරු නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

මොහු වසර 02 ක පමණ කාලයක සිට කුලී පදනම මත ලබාගත් නිවසක සිට මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?