කෝටි 10ක අයිස් සමග විදෙස් කතක් ගුවන්තොටේ දී අල්ලයි

විදෙස් රටක සිට මෙරටට පැමිණි කාන්තාවක් රුපියල් කෝටි 10ක වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය (Methamphetamine) සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ මෙම සැකකාරිණිය තායිලන්තයේ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත ගොස් එතැන් සිට සිංගප්පූරුවේ චෙන්ඩු ගුවන් තොටුපොළේ සිට ඊයේ (04) රාත්‍රී 11.55ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි.

මෙම සැකකාරිණිය ග්‍රීන් චැනල් නමැති හරිත මාවත ඔස්සේ පිටතට යාමට උත්සාහ කරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඇය 33 හැවිරිදි තායිලන්ත ජාතික කාන්තාවක්.

ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මළු තුළ ආහාර අඩංගු ඇසුරුම්හි සඟවා මෙම අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණය අසුරා තිබූ බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් ගුවන් මගී කාන්තාව පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?