කෝටි 10ක් වටිනා කුෂ් සමඟ විදේශිකයින් දෙදෙනෙක් ගුවන්තොටේ දී අල්ලයි (ඡායාරූප)

රුපියල් කෝටි 10ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම ගුවන් මගීන් දෙදෙනා අද (28) අලුයම අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුනේ 36 හැවිරිදි ඉන්දීය ජාතික පිරිමි පුද්ගලයෙක් සහ 56 හැවිරිදි කාන්තාවක්.

මොවුන් දෙදෙනා ඉන්දියාවේ සිටින “මැඩම් ” කෙනෙකුගේ අණ පරිදි මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන පැමිණි බව සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී පවසා තිබෙනවා.

තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන ඇති මෙම මත්ද්‍රව්‍ය තොගය ද සමඟ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ එතැන් සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරණ ගුවන් යානයෙන් මෙරටට් පැමිණ තිබෙනවා.

මොවුන් දෙදෙනා රැගෙන ආ ගමන් මළු 02ක් තුළ මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක ප්‍රමාණය සඟවා තිබිය දී සොයාගැනීමටයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට හැකිව ඇත්තේ.

WhatsApp Image 2025 07 28 at 1.33.35 PM 1 scaled
WhatsApp Image 2025 07 28 at 1.33.35 PM
WhatsApp Image 2025 07 28 at 1.33.34 PM 2
WhatsApp Image 2025 07 28 at 1.33.34 PM 1
WhatsApp Image 2025 07 28 at 1.33.34 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?