කෝටි 10ක් වටිනා කුෂ් සමඟ විදේශිකයින් දෙදෙනෙක් ගුවන්තොටේ දී අල්ලයි (ඡායාරූප)

රුපියල් කෝටි 10ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම ගුවන් මගීන් දෙදෙනා අද (28) අලුයම අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුනේ 36 හැවිරිදි ඉන්දීය ජාතික පිරිමි පුද්ගලයෙක් සහ 56 හැවිරිදි කාන්තාවක්.

මොවුන් දෙදෙනා ඉන්දියාවේ සිටින “මැඩම් ” කෙනෙකුගේ අණ පරිදි මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන පැමිණි බව සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී පවසා තිබෙනවා.

තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන ඇති මෙම මත්ද්‍රව්‍ය තොගය ද සමඟ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ එතැන් සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරණ ගුවන් යානයෙන් මෙරටට් පැමිණ තිබෙනවා.

මොවුන් දෙදෙනා රැගෙන ආ ගමන් මළු 02ක් තුළ මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක ප්‍රමාණය සඟවා තිබිය දී සොයාගැනීමටයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට හැකිව ඇත්තේ.

WhatsApp Image 2025 07 28 at 1.33.35 PM 1 scaled
WhatsApp Image 2025 07 28 at 1.33.35 PM
WhatsApp Image 2025 07 28 at 1.33.34 PM 2
WhatsApp Image 2025 07 28 at 1.33.34 PM 1
WhatsApp Image 2025 07 28 at 1.33.34 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39