කෝටි 02ක කුෂ් ගෙන ආ අයෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට (ඡායාරූප)

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී ඊයේ (31) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔහු විසින් රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02ක් සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු ඊයේ (31) තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

අනතුරුව ඔහු ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වෙත ගොස් තවත් භාණ්ඩ තොගයක් ද මිළට ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සැක සිතූ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔහුව පරීක්ෂා කිරීමේ දී ඔහු විසින් රැගෙන ආ ගමන් මළු තුළ සඟවා තිබිය දී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මොහු සන්තකයේ තිබී අත්අඩංගුවට ගැනුණු කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 02ක් පමණවන බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්වන අතර, 36 හැවිරිදි මොහු නිරන්තරයෙන් ගුවන් ගමන්වල නිරතවන අයෙක් බවයි වාර්තා වන්නේ.

මොහුව ගුවන් තොටුපොළේ සිට රැගෙන යාම සදහා පැමිණ සිටි උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

IMG 20250131 WA0125
IMG 20250131 WA0124
IMG 20250201 WA0004
IMG 20250131 WA0123
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03