කෝටි ගාණක කප්පම් ඉල්ලා නොදුන්නොත් දරුවා ඝාතනය කරන බවට තර්ජනය කළ දෙදෙනකු අත්අඩංගුවට

රුපියල් කෝටියක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 20ක මුදලක් කප්පම් වශයෙන් බලෙන් ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ, ජුනි මස 09 වැනි දින මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට කප්පම් මුදල් වශයෙන් කෝටියක මුදලක් ඉල්ලා තර්ජනය කර ඉන් ලක්ෂ 20ක මුදලක් කප්පම් මුදලක් ලෙස ගෙවන ලද බවට හා ඉතිරි කොටස නොගෙවන්නේ නම් බඩල්ගම පොලිස් වසමේ මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු සහ ඔහුගේ දරුවා ඝාතනය කරන බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලකට අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කරන ලද බවයි.

මේ සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර රුපියල් කෝටියක් කප්පම් මුදලක් ඉල්ලා සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (17) දින සීදුව පොලිස් වසමේ දඹතුරේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන බඩල්ගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 32 හා 46 වයස්වල පසුවන මැටියගනේ හා කොටුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම අපරාධය සඳහා සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනොගේ නම් භාවිතා කොට ඇති අතර ඔවුන් මෙම සිද්ධියට සම්බන්ධ නොවන බවත්, පැමිණිලිකරු බියට පත් කිරීම සඳහා මෙම නම් භාවිතා කර ඇති බවටත් සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇති බවයි පැවසෙන්නේ.

මෙම අපරාධයට යොදා ගත් සෙල්ලම් පිස්තෝලය, අපරාධයට යොදාගත් යතුරුපැදිය, කප්පම් මුදලින් ලබාගත් නවීන යතුරුපැදිය හා ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අපරාධයට යොදාගත් ජංගම දුරකථන කිහිපයක්, එම දුරකථනවල සියලුම සිම්පත්, විවිධ බැංකුවලට අයත් හරකාඩ්පත්, යතුරුපැදිවල හා ත්‍රීරෝද රථයේ සියළුම ලියකියවිලි පොලිස් භාරයට ගෙන ඇති බවත් සඳහන්.

බඩල්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?