කෝටි ගාණක කප්පම් ඉල්ලා නොදුන්නොත් දරුවා ඝාතනය කරන බවට තර්ජනය කළ දෙදෙනකු අත්අඩංගුවට

රුපියල් කෝටියක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 20ක මුදලක් කප්පම් වශයෙන් බලෙන් ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ, ජුනි මස 09 වැනි දින මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට කප්පම් මුදල් වශයෙන් කෝටියක මුදලක් ඉල්ලා තර්ජනය කර ඉන් ලක්ෂ 20ක මුදලක් කප්පම් මුදලක් ලෙස ගෙවන ලද බවට හා ඉතිරි කොටස නොගෙවන්නේ නම් බඩල්ගම පොලිස් වසමේ මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු සහ ඔහුගේ දරුවා ඝාතනය කරන බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලකට අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කරන ලද බවයි.

මේ සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර රුපියල් කෝටියක් කප්පම් මුදලක් ඉල්ලා සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (17) දින සීදුව පොලිස් වසමේ දඹතුරේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන බඩල්ගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 32 හා 46 වයස්වල පසුවන මැටියගනේ හා කොටුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම අපරාධය සඳහා සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනොගේ නම් භාවිතා කොට ඇති අතර ඔවුන් මෙම සිද්ධියට සම්බන්ධ නොවන බවත්, පැමිණිලිකරු බියට පත් කිරීම සඳහා මෙම නම් භාවිතා කර ඇති බවටත් සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇති බවයි පැවසෙන්නේ.

මෙම අපරාධයට යොදා ගත් සෙල්ලම් පිස්තෝලය, අපරාධයට යොදාගත් යතුරුපැදිය, කප්පම් මුදලින් ලබාගත් නවීන යතුරුපැදිය හා ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අපරාධයට යොදාගත් ජංගම දුරකථන කිහිපයක්, එම දුරකථනවල සියලුම සිම්පත්, විවිධ බැංකුවලට අයත් හරකාඩ්පත්, යතුරුපැදිවල හා ත්‍රීරෝද රථයේ සියළුම ලියකියවිලි පොලිස් භාරයට ගෙන ඇති බවත් සඳහන්.

බඩල්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51