කෝටි ගණනක දේපළ මුදාහරින්න – දෙමටගොඩ රුවන්ගෙන් මෝසමක්

අධිකරණ නියෝග මත මේ වනවිට අත්හිටුවා තිබෙන රුපියල් කෝටි ගණනක් වූ සිය දේපළ මුදාහැරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සිරිනාථ පතිරනගේ රුවන් චමිල හෙවත් ‘දෙමටගොඩ රුවන්’ සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබෙනවා.

අදාළ මෝසම ඊයේ (26) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ මෝසම ජුනි මස 27 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවා කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසයි.

‘දෙමටගොඩ රුවන්’ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් සිය සේවා දායකයාගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවයි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ එම වත්කම් තහනම් කරමින් අධිකරණ නියෝග ලබාගෙන මේ වනවිට වසරකට අධික කාලයක් ගත වී තිබෙන බවත් ඔහු සඳහන් කර සිටියා.

ඒ අනුව අදාළ වත්කම් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
6
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47