රුපියල් එකොළොස් කෝටි පනස් ලක්ෂයක් වටිනා කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරට ගෙන ආ ගුවන් මගියෙක් ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ -12 ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවන අයෙක්.
මොහු නගර සභා සේවකයෙක් බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
මෙම ගුවන් මගියා අද (06) අලුයම තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරනෑ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ව්‍යාජ පතුලක් සකස් කර, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 06යි ග්‍රෑම් 590ක ප්‍රමාණයක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 04යි ග්‍රෑම් 910ක ප්‍රමාණය සඟවා ගෙන රැගෙනවිත් තිබිය දී සොයා ගැනුණා.
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේනගේ උපදෙස් මත සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.එම්.සී.පී.හේරත්ගේ අධීක්ෂණය මත කටුනායක ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකරමින් සිටිනවා.
සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය අද (06) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



