කෝටියකට වැඩි කොකේන් සිරුරේ සඟවාගෙන ආ උගන්ඩා කතක් කටුනායක දී අල්ලයි

රුපියල් එක් කෝටි විසිතුන් ලක්ෂ තිස්දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සිය සිරුරේ සඟවා ගෙන මෙරටට පැමිණි විදෙස් ජාතික කාන්තාවක් අද (12) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි උගන්ඩා ජාතික කාන්තාවක්.

මෙම කාන්තාව උගන්ඩාවේ කම්පාලා නුවරින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරණ ගුවන් යානයෙන් කටුනායක වෙත අද (12) උදෑසන 09.30ට පැමිණ තිබෙනවා.

මෙම කාන්තාව පිළිබඳව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු සහ අවදානම් විශ්ලේෂණය කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු ඇය පූර්ණ වශයෙන් විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති අතර, එහිදී කරල් ලෙස සකසා ඇය සිය සිරුරෙහි සඟවා ගෙන තිබූ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 274ක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

එමෙන්ම තවත් කොකේන් මත්ද්‍රව්‍ය ගුලි ලෙස සකස් කර ගිලදමා ඇති බවට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සැක පහළ කරනවා.

ඒ, අනුව මෙම උගන්ඩා ජාතික කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර සහ නීතිමය ක්‍රියාමාර්ග සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනප්‍රිය නළු රවීන්ද්‍ර යසස් ආණ්ඩුවට හොඳම එකෙන් කියයි..අමනුෂ්‍ය කොලිටිය දාලා තග දාන්න එපා
02:46
Video thumbnail
පාස්කු මහ මොළකරු කවුද කියලා ඉස්සරහට බලාගන්න පුළුවන්
04:34
Video thumbnail
ලාල්කාන්තගේ වීඩියෝවක් ලීක්වෙයි..මෙන්න ඇමතිගේ කෙරුවාව.. උණුත් හොරු මුණුත් හොරු තොපිත් හොරු
06:04
Video thumbnail
කොකේන් සඟවාගෙන ආ උගන්ඩා ජාතික කාන්තාවක් කොටුවෙයි
01:02
Video thumbnail
පොල් ගහපු විපක්ෂයේ සෙට් එකට කට උත්තර නැතිවෙන්න දෙසයි..සුදුස්සාගේ තැන හූරාකන තැනක්
03:45
Video thumbnail
හෝමූස් එකෙන්ද කෙහෙල් කැන් ගේන්නේ..කෙසෙල් මිල වැඩි වීම නිසා අසේලට නහුතෙටම තදවෙයි..
05:38
Video thumbnail
මේ වත්තල පොලිසිය මගෙන් පළිගන්නවා
05:11
Video thumbnail
රජයේ කිසිම කෙනෙක් හොරකම් කරලත් නෑ..කරන්නෙත් නෑ..අපි ඇවිත් ඉන්නේ අපිට කරගන්න නෙවෙයි
04:39
Video thumbnail
බඩු මිල අඩු කරලා - ආණ්ඩුවට ස්තූතිවන්ත වෙනවා..දැන් හිපාටුවන්ගේ රැස් බැහැලා තියෙන්නේ
05:22
Video thumbnail
අලුත් අවුරුද්දට ගම් බිම් බලා යන ජනතාව විශේෂ දැනුම්දීමක්
04:00