AFC Banner
Empty Ad
Empty Ad

කෝටිපති ව්‍යාපාරිකයෙකු ඉතාලයේදී ගුවන් අනතුරකින් අවසන් ගමන් යයි

කෝටිපති ව්‍යාපාරිකයෙකු ගමන් කරමින් සිටි ගුවන් යානයක් ඉතාලියේ මිලාන් නුවර පිහිටි ගොඩනැගිල්ලකට කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එලෙස අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික ගුවන් යානයක්.

අදාළ ගුවන් යානයේ මගීන් 08 දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් එම මගීන් 08 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. මියගිය පිරිස අතර 68 වන වියේ පසුවූ රුමේනියානු කෝටිපති ව්‍යාපාරිකයෙකු, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා ද වන බව සඳහන්. අනතුරට පත්වන අවස්ථාවේදී ගුවන් යානය පදවා ඇත්තේ ද එම ව්‍යාපාරිකයා විසින්.

අනතුරින් ගුවන් යානය ගැටුනු ගොඩනැගිල්ලට හා ඒ ආසන්නයේ නවතා තිබූ මෝටර් රථ කිහිපයකට ද හානි සිදුව තිබුණා. අනතුර සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි මිලාන් බලධාරීන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?