AFC Banner
Empty Ad
Empty Ad

කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක ඉඩම් කොල්ලකෑමක ? – වින්දිත පාර්ශ්වයෙන් වැලිකඩ පොලිසියටත් බරපතළ චෝදනා

කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක ව්‍යාජ ඔප්පු සකසා ඉඩම් කොල්ලකෑමේ උත්සාහයක නිරත වී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

හිටපු නගරාධිපතිවරයා විසින් තමන්ට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් අනීතිකව අයිති කරගෙන ඇති බවත්; එම දේපොළ සියල්ලම තම දෙමාපියන්ගේ උරුමයෙන් අයිතිව තිබූ බවත්; අදාළ පුද්ගලයා විසින් රාජගිරිය – ගල්පොත්ත පාරේ ඇති තමාගේ තවත් ඉඩමක් කොල්ලකෑමට උත්සාහ දරන බවත් එම පැමිණිල්ලේ සඳහන්.

කෝට්ටේ නගර සභාවේ හිටපු විධායක ඉංජිනේරු සුදත් විජයරත්න මහතාට අයත් මෙම දේපොළ අදාළ හිටපු නගර සභාපතිවරයා විසින් ඊයේ (16) රාත්‍රියේ දී මැර කණ්ඩායමක් සමග තමන්ගේ නිවසට පැමිණ; ගේට්ටු කඩා ඇතුළු වී ගිනි අවි පෙන්වමින් තමා ඇතුළු ගෙහිමියන් බියවැද්දවීමට කටයුතු කළ බවයි පැමිණිලිකාර පාර්ශ්වය පවසන්නේ.

බරපතළ පිළිකා රෝගියකින් පෙළෙන තමන්ව නිස්කාරණයේ බියගන්වා, තම සේවකයින් සහ තමාව නිවසෙන් එළියට දමා කාමර 05කින් යුත් රුපියල් කෝටි 20ක් පමණ වන නිවස බලහත්කාරයෙන් ලබා ගැනීමට උත්සාහ කළ බවට ද සුදත් මහතා පවසනවා.

තමා ඒ අවස්ථාවේ දී පොලිස් හදිසි ඇමතුම් අංශයට සහ තමාගේ නීතිඥවරුන් මාර්ගයෙන් වැලිකඩ පොලිසියට දැන්වූ බවත් එම ස්ථානයට පැමිණි වැලිකඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා සහ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා එහි රැඳී සිටි හිටපු නගරාධිපතිවරයා හෝ එම මැර කණ්ඩායම පරීක්ෂා නොකළ බවත් වින්දිත පාර්ශ්වය සඳහන් කර සිටියා.

ඒ වෙනුවට තමාගේ නිවස ඇතුලේ පිරිසක් රඳවාගෙන සිටින බවට හා නිවස ඇතුලේ ආයුධ තිබෙන බවට පොලිසියට තොරතුරක් ලැබුණු බවට පවසමින් වරෙන්තුවක් නොමැතිව නිවස පරීක්ෂා කළ යුතු බව දන්වා නිවස පරීක්ෂා කළ බවත් සුදත් මහතා එල්ල කළ චෝදනාවේ වැඩිදුරටත් සඳහන්.

මින් පෙර ද ජනක රණවක නමැති කෝට්ටේ හිටපු නගරාධිපතිවරයා ඉතාම ප්‍රයෝගකාරී ලෙස තමාගෙන් නිවසේ යතුර ඉල්ලාගෙන නිවසට ඇතුළු වී මැරයන් දෙදෙනෙකු නිවසේ රඳවා සිටි බවත් නිවසේ තිබූ මුදල්, රන් භාණ්ඩ සහ අනෙකුත් වටිනා භාණ්ඩ,ලියකියවිලි සොරකම් කර ඇති බවත් ඒ පිළිබඳව ද වැලිකඩ පොලිසියට පැමිණිලි කළ ද තමන්ට කිසිදු සහනයක් නොලැබූ බවත් වින්දිත පාර්ශ්වය පොලිසියට එරෙහිව එල්ල කරන චෝදනා අතරට අයත්.

හිටපු නගරාධිපතිවරයා විසින් අදාළ නිවසේ මීට කලකට ඉහත දී මැරයන් දෙදෙනකු රඳවා සිටි බවත්; එහි දී හදිසියේ ම නගරාධිපතිවරයාගේ රියදුරු මියගොස් සිටියදී නිවසේ තිබී සිරුර හමු වූ බවත්; අපරාධ නඩු විධාන සංග්‍රහයේ විදුබිදාන අනුගමනය නොකර එම මිනිය නිවසෙන් අයින් කළ බවට තමා විශ්වාස කරන බවත්; ඒ අනුව එම මරණය හදිසි මරණයක් ද නැතහොත් මිනීමැරුමක් ද යන්න තමන් නොදන්නා බවත් සුදත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

තමාගේ අත්සන ව්‍යාජ ව භාවිතා කරමින් ජනක රණවක මහතා විසින් ව්‍යාජ ඔප්පු කිහිපයක් ම සකසා ඇති බවත් ඒ බව තමන් අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කළ බවත් මේ වනවිටත් විමර්ශන ආරම්භ වී ඇති බවත් හෙතෙම චෝදනා කර තිබෙනවා.

තමන්ට ඇති දේශපාලන බලය අවනීතිකව යොදා ගනිමින් ක්‍රියාත්මක වන මෙවැනි මැරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි කෝට්ටේ නගර සභාවේ හිටපු විධායක ඉංජිනේරු සුදත් විජයරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෑ කියලා සංවිධායක ධූරය අතහැරපු කෙනාට වැඩ වැරදුණු හැටි
Video thumbnail
එළවළු මිළ පහලට - "ගොවියන්ටත් සල්ලි යනවා - අපිටත් සල්ල තියෙනවා"
01:01
Video thumbnail
දියවන්නාවට රිංගන්න තවමත් සිහින දකින සජබ හාම්පුත්තු #sjb #unp #sajithpremadasa #akd #npp
01:12
Video thumbnail
ජනාධිපති රනිල් - මහින්දානන්දට ජනාධිපති මාරු වෙයි
05:12
Video thumbnail
අනුර ජනාධිපති කියලා මට නම් තාම දැනෙන්නේ නෑ - තිස්ස අත්තනායක
13:32
Video thumbnail
ඡන්දෙ දුන්නු මිනිස්සුන්ට දෙලෝ පොල් පේන්නම අහස උසට යන පොල් මිල
01:54
Video thumbnail
පාර්ලිමේන්තුවට එන හේතුව වසන්ත කියයි
05:14
Video thumbnail
Breaking News 🛑හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය #breakingnews
07:13
Video thumbnail
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය
07:16
Video thumbnail
අන්තරේ සිසුන් හදිස්සියෙන්ම අගමැතිනි හමුවෙයි
02:56

?