AFC Banner
Empty Ad
Empty Ad

කෝකිලා – මිලාන්ගේ සහායත් රනිල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් රත්නායක ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

අද (23) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

මිලාන් රත්නායක යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට එක් වූ මන්ත්‍රීවරයෙක්.

මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරු 93කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වනවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක් ව ඇති බවයි.

මෙම මැතිවරණ ප්‍රචාරණ කටයුතු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව ද හෙතෙම පැවසුවේ; එය සන්ධානයක් බවට ද ප්‍රකාශ කරමින්.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන සඳහන් කළේ ද සිය සහාය ද රනිල් වික්‍රමසිංහ හට හිමිවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?