කොළඹ නව පුරපති සාගල බවට පැතිරෙන පුවත අසත්‍යයක් – එජාප

කොළඹ නව පුරපති පත්කිරීම සම්බන්ධයෙන් සිය පක්ෂයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් සමාජ ‍මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය අසත්‍ය බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරනවා.

එම ව්‍යාජ ලිපියේ දැක්වෙන්නේ සමගි ජන බලවේගය සමග පැවති සාකච්ඡාවලට අනුව, කොළඹ නගරාධිපති ලෙස සාගල රත්නායක මහතා යෝජනා කර ඇති බවටයි.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ අත්සනින් යුතු ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අතර එය සම්පුර්ණයෙන්ම අසත්‍යය එකක් බව එම පක්ෂය නිවේදනය කරනවා.

ඒ අනුව එම පක්ෂ දෙකම මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?