කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක්

කොළඹ, පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (03) දින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

එම පර්යන්තය භාවිතා කරන මගීන්ට අවශ්‍ය පහසුකම් ඉහළ නැංවීම, මෙහෙයුම් කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කිරීම සහ මහජනයාට මෙන්ම, පර්යන්තයේ කාර්ය මණ්ඩලයට වඩාත් පිරිසිදු, ආරක්‍ෂිත සහ මගී හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම නවීකරණ ව්‍යාපෘතිය පිළිබඳව මෙහිදී පුළුල් සමාලෝචනයක් සිදුකරන ලැබුවා

නවීකරණ ක්‍රියාවලිය පුරාම ඉදිකිරීම්වල උසස් ප්‍රමිතිය පවත්වා ගැනීම, ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු නිශ්චිත කාලසීමාවන්ට අනුකූල වීම සහ නිසි පරිදි ඉංජිනේරු, ආරක්‍ෂක හා පාරිසරික ප්‍රමිතීන් පූර්ණ ලෙස අනුගමනය කිරීමේ වැදගත්කම ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කළා.

ඒ අනුව පිටකොටුව බස් නැවතුම්පොළ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් එහි පවතින උපායමාර්ගික වැදගත්කම පෙන්වා දුන් ආරක්‍ෂක ලේකම්වරයා, ව්‍යාපෘති කටයුතු සිදුවන අතරතුර මගීන් සඳහා බාධාවකින් තොරව සේවා සැපයීම සහතික කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නා.

මෙම නවීකරණය හරහා පර්යන්තය වෙත ප්‍රවේශ වීමේ පහසුව, සනීපාරක්‍ෂාව, ආරක්‍ෂාව සහ සමස්ත ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම මගින් දිගුකාලීන ප්‍රතිලාභ ඇති කෙරෙන පරිදි සංවර්ධන කටයුතු සිදු කල යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

ඒ සඳහා අවශ්‍ය අන්තර් ආයතනික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටත්, මෙහෙයුම් අභියෝගවලට කඩිනමින් විසඳුම් ලබා දීමටත්, ගුණාත්මකභාවයෙන් යුතුව ව්‍යාපෘතිය නියමිත වේලාවට හා කාර්යක්‍ෂමව නිම කිරීමටත් ආරක්‍ෂක ලේකම්වරයා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ සියලුම අදාළ පාර්ශවකරුවන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් වජිර සේනාධීර විසින් ව්‍යාපෘතියේ විෂය පථය, දැනට ලබා තිබෙන ප්‍රගතිය, වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වන අභියෝග සහ ඉදිරි අදියර පිළිබඳ සවිස්තරාත්මක තාක්ෂණික පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.

ඉදිකිරීම් ප්‍රමිතීන් පවත්වා ගැනීමට සහ ප්‍රමාදයන් අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු පැහැදිලි කළා.

මෙම ව්‍යාපෘතිය නගරයේ ප්‍රවාහන යටිතල පහසුකම් සැලකිය යුතු ලෙස ශක්තිමත් කරන කාලීන හා ඉතා වැදගත් පියවරක් බව කොළඹ නගරාධිපතිනිය විසින් ඇගයීමට ලක් කළා.

නියමිත කාලසීමාව තුළ වැඩ අවසන් වූ පසු, නවීකරණය කරන ලද බස් පර්යන්තය ඔස්සේ එය භාවිතා කරන මගී ජනතාව වෙත වඩාත් සුවපහසු අයුරින් ගමනාගමන පහසුකම් සලසනු ඇති බවත්, ඒ තුළින් මෙහෙයුම් කාර්යක්‍ෂමතාව සහ සමස්ත මගීන්ගේ පහසුව ඉහළ නංවනු ඇති බවත් ඇය පවසා සිටියා.

නාගරික යටිතල පහසුකම් ඉහළ නැංවීම, පාරිසරික පවිත්‍රතාවය, මහජන පහසුව සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් රජය විසින් ක්‍රියාත්මක “Clean Sri Lanka” ජාතික වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා.

මෙම මුලපිරීමට අනුකූලව, මගීන්ගේ පහසුව ඉහළ නැංවීම සඳහා වැඩි දියුණු කළ උපයෝගිතා සේවා, නවීන අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති, උසස් ආලෝකකරණ සහ වාතාශ්‍රය පද්ධති මෙන්ම, නවීන සැලසුම් අංගයන් ද මෙම නවීකරණයට ඇතුළත් කර තිබෙනවා.

සිදුකෙරෙමින් පවතින නවීකරණ කටයුතු නිමවීමෙන් පසු කොළඹ මධ්‍යම බස් පර්යන්තයේ පවතින යටිතල පහසුකම් සැලකිය යුතු ලෙස නවීකරණය වනු ඇති අතර, මගීන්ගේ සුවපහසුව සහ බස් නැවතුම්පොළ වෙත ප්‍රවේශ වීමේ පහසුව වැඩි දියුණු වීම, තදබදය අඩුවීම සහ නගරයෙන් ක්‍රියාත්මක වන පොදු ප්‍රවාහන සේවාවල කාර්යක්‍ෂමතාව සහ විශ්වසනීයත්වය ඉහළ යාමට ද දායක වනු ඇතැයි අපේක්‍ෂා කෙරෙනවා.

මෙම සාකච්ඡාව සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති, ගුවන් හමුදා ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල්, කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති මෙන්ම, මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, Clean Sri Lanka ලේකම් කාර්යාලයට අනුයුක්ත අතිරේක ජනාධිපති ලේකම්වරුන්, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා විදුලිබල මණ්ඩලය යන ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
12
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21