කොළඹ පෞද්ගලික රෝහල් කිහිපයක වකුගඩු ජාවාරමක්

සංචාරක වීසා මගින් මෙරටට පැමිණෙන ඉන්දීය ජාතිකයන් යොදාගෙන කරන නීති විරෝධී වකුගඩු බද්ධ කිරීම් හා පරිත්‍යාග කිරීම් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය අධිකරණය වෙත ඊයේ (24 වැනිදා) දන්වා සිටියේය.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ පරීක්ෂණය කරන බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්. සලම් ද සිල්වා, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය වෙත ඊයේ (24 වැනිදා) දැනුම් දුන්නේය.

කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් කිහිපයකදී අදාළ නීතිවිරෝධී වකුගඩු බද්ධ කිරීම් කර ඇති බවට අනාවරණය වී තිබෙන බවත්, එවැනි වකුගඩු බද්ධ කරන ලද පුද්ගලයන් සොයා විමර්ශන පවත්වන බවත් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

අදාළ පෞද්ගලික රෝහල් තුළදී දීර්ඝ කාලයක සිට මෙලෙස නීතිවිරෝධී වකුගඩු බද්ධ කිරීම් කර තිබෙන බව පොලිසිය මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.

මෙලෙස නීතිවිරෝධී ආකාරයෙන් වකුගඩු බද්ධ කිරීම්වලට භාජනය කිරීමේදී රෝගී වූ කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇති අතර ඒ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පොලිසිය අධිකරණය මගින් නියෝග කිහිපයක්ද ලබාගෙන තිබේ.

ඉෂාර රත්නකාර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09