AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ පුරා අමුතු කොවිඩ් ප්‍රභේදයක් පැතිර යයි

කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්ගේ කොවිඩ් ප්‍රභේදයක් පැතිර යන බවට වාර්තා පළ වෙනවා.

එලෙස පැතිර යන කොවිඩ් ප්‍රභේදය කුමක්ද යන්න පිළිබඳ නවතම පර්යේෂණ කටයුතු මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි අසාත්මික ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ මෙරට පැතිර යන්නේ එක් ප්‍රභේදයක්ද නැති නම් ප්‍රභේද කීපයක්ද යන්න එමගින් සොයා ගත හැකි වනු ඇති බවයි.

පසුගිය අප්‍රේල් මාසයේ කළ පර්යේෂණයන්ගෙන් තහවුරු වූයේ මෙරට පැතිර යන්නේ එංගලන්ත ප්‍රභේදය බවයි.

එහෙත් මේ වනවිට රටේ තවත් ප්‍රභේදයන් පැතිර යන්නේද පිළිබඳව මෙම පර්යේෂණයන්ගෙන් සොයා ගත හැකි වනු ඇතැයි බවයි ජීවන්දර මහතා සඳහන් කරන්නේ.

මෙම නවතම පර්යේෂණයන්ගේ ප්‍රතිඵල තව දින තුනකින් පමණ ප්‍රකාශකට පත් කළ හැකිවනු ඇත බවට විශ්වාසය පළ කරයි.

පාර්ලිමේන්තු පොකුරක්?

මේ අතර පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සදහා යොදවා සිටින පොලිස් නිලධාරීන් 10 දෙනකුට කොරෝනා ආසාදිත බවයි තහවුරු වී තිබෙන්නේ.

ඒ අනුව ඔවුන් 10 දෙනා ප්‍රතිකාර සදහා යොමු කොට ඇති බවත්, ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක්කොට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් බලධාරීහු සදහන් කරන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු සදහා මෙය බාධාවක් නොවන බවයි. හෙට (08) දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙන්නේ කොවිඩ් ආසාදිත තවත් මරණ 46ක් සිදුව ඇති බවයි.

මින් මරණ 13ක් නිවසේදී සිදුව තිබූ ඒවාය.

මෙම මරණ 46ත් සමඟ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1,742ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?