කොළඹ පුරා අමුතු කොවිඩ් ප්‍රභේදයක් පැතිර යයි

කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්ගේ කොවිඩ් ප්‍රභේදයක් පැතිර යන බවට වාර්තා පළ වෙනවා.

එලෙස පැතිර යන කොවිඩ් ප්‍රභේදය කුමක්ද යන්න පිළිබඳ නවතම පර්යේෂණ කටයුතු මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි අසාත්මික ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ මෙරට පැතිර යන්නේ එක් ප්‍රභේදයක්ද නැති නම් ප්‍රභේද කීපයක්ද යන්න එමගින් සොයා ගත හැකි වනු ඇති බවයි.

පසුගිය අප්‍රේල් මාසයේ කළ පර්යේෂණයන්ගෙන් තහවුරු වූයේ මෙරට පැතිර යන්නේ එංගලන්ත ප්‍රභේදය බවයි.

එහෙත් මේ වනවිට රටේ තවත් ප්‍රභේදයන් පැතිර යන්නේද පිළිබඳව මෙම පර්යේෂණයන්ගෙන් සොයා ගත හැකි වනු ඇතැයි බවයි ජීවන්දර මහතා සඳහන් කරන්නේ.

මෙම නවතම පර්යේෂණයන්ගේ ප්‍රතිඵල තව දින තුනකින් පමණ ප්‍රකාශකට පත් කළ හැකිවනු ඇත බවට විශ්වාසය පළ කරයි.

පාර්ලිමේන්තු පොකුරක්?

මේ අතර පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සදහා යොදවා සිටින පොලිස් නිලධාරීන් 10 දෙනකුට කොරෝනා ආසාදිත බවයි තහවුරු වී තිබෙන්නේ.

ඒ අනුව ඔවුන් 10 දෙනා ප්‍රතිකාර සදහා යොමු කොට ඇති බවත්, ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක්කොට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් බලධාරීහු සදහන් කරන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු සදහා මෙය බාධාවක් නොවන බවයි. හෙට (08) දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙන්නේ කොවිඩ් ආසාදිත තවත් මරණ 46ක් සිදුව ඇති බවයි.

මින් මරණ 13ක් නිවසේදී සිදුව තිබූ ඒවාය.

මෙම මරණ 46ත් සමඟ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1,742ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:08
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු , මාටියා මෙරරට ගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
00:57
Video thumbnail
චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ බන්ධනාගාර බසයේ නැගලා ගිය හැටි
00:52
Video thumbnail
ඔයාට නඩු දාන්න වෙනවා - කරන්න දෙයක් නෑ
02:42
Video thumbnail
මේ ටිකම ඇති මුළු පළාතම විනාශ කරන්න - ඔයාට නඩු දාන්න වෙනවා
03:59
Video thumbnail
මුන්ගේ කුණු අදින්න ට්‍රැක්ටරේට ජනවරම දෙන්න
02:56
Video thumbnail
චරිත්ව අත්අඩංගුවට ගත්ත හැටි ගැන අපේ විරෝධය ප්‍රකාශ කරනවා
10:18
Video thumbnail
බලය ගත්තට පස්සේ පිස්සු හැදුණා - මාලිමාව බයවෙලා ඉන්නේ
05:48
Video thumbnail
UNICEF නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි
01:41