කොළඹ දිස්ත්‍රික්කයේ 80%කට ජල සැපයුමට කිසිඳු ගැටළුවක් නැහැ – ජල කප්පාදු කාලසීමාවත් අඩු කිරීමට යයි

කොළඹ දිස්ත්‍රික්කට අවශ්‍ය ජල සැපයුම 80%ක් සිදුකරන අඹතලේ ජල මූලාශ්‍රය පවතින වියළි කාලගුණ තත්ත්වයෙන් කිසිඳු ගැටළුකාරී තත්ත්වයක් මේ වනවිට පැනනැගී නොමැති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර සඳහන් කරනවා.

අඹතලේ ජල මූලාශ්‍රයට ජලය ලබාගන්නා කැළණි ගඟේ ජල මට්ටම අවශ්‍ය ප්‍රමාණයට පවතින බවත්, ඒ අනුව අඹතලේ ජල මූලාශ්‍රය මඟින් ජල නිෂ්පාදනය උපරිම ධාරිතාවයකින් සිදුකරන බවයි සභාපතිවරයා පැවසුවේ.

අද (04) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව කොළඹ දිස්ත්‍රික්කයේ 80%ක ප්‍රමාණයකට කිසිඳු ගැටළුවක් නොමැතිව ජල සැපයුම සිදුකළ හැකි බවත්, ඉතිරි 20%ක ප්‍රමාණයට ජලය සැපයීමේ යම් ගැටළුවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ක්‍රියාත්මක කරන පැය 18ක ජල කප්පාදුව ඉදිරි දින දෙක තුළ මෙම කාලසීමාව තව දුරටත් අඩු කිරීමට කටයුතු කරන බව සඳහන් කළ ඔහු එම සීමාව බොහෝ දුරට පැය 12ක් විය හැකි බවයි දැනුම් දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21