කොළඹ ඩෙංගු මර්දනයට කණ්ඩායම් හැටක්

බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන් ශීඝ්‍රයෙන් වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා.

කොළඹ නගරයේ වැල්ලවත්ත, පාමංකඩ, කුරුඳුවත්ත, නාරාහේන්පිට, ග්‍රෑන්ඩ්පාස් සහ කොටුව යන ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, හේතුවෙන් කොළඹ නගර ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන සඳහා කණ්ඩායම් 60 ක් යොදවා ඇති බවයි කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි පැවසුවේ.

මේ අතර කොළඹ නගරයේ පරීක්ෂා කිරීම්වල දී ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් හමු වී ඇති අතර, ඊට එරෙහිව පියවර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි වාර්තා වුණේ.

වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් 50% ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්.

මේ අතර වසරේ ගත වූ මාස පහක කාලය තුළ යාපනය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1,160 දෙනෙකු වාර්තා වී ඇති බව යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා පවසනවා.

මේ අතර යාපනය දිස්ත්‍රික්කය තුළ පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලය කිරීම වෙනුවෙන් මැයි 16 සහ 17 යන දෙදින තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27