spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ ඩෙංගු මර්දනයට කණ්ඩායම් හැටක්

බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන් ශීඝ්‍රයෙන් වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා.

කොළඹ නගරයේ වැල්ලවත්ත, පාමංකඩ, කුරුඳුවත්ත, නාරාහේන්පිට, ග්‍රෑන්ඩ්පාස් සහ කොටුව යන ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, හේතුවෙන් කොළඹ නගර ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන සඳහා කණ්ඩායම් 60 ක් යොදවා ඇති බවයි කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි පැවසුවේ.

මේ අතර කොළඹ නගරයේ පරීක්ෂා කිරීම්වල දී ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් හමු වී ඇති අතර, ඊට එරෙහිව පියවර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි වාර්තා වුණේ.

වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් 50% ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්.

මේ අතර වසරේ ගත වූ මාස පහක කාලය තුළ යාපනය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1,160 දෙනෙකු වාර්තා වී ඇති බව යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා පවසනවා.

මේ අතර යාපනය දිස්ත්‍රික්කය තුළ පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලය කිරීම වෙනුවෙන් මැයි 16 සහ 17 යන දෙදින තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?