කොළඹ ජනතාවගේ උද්ධමනය ඉහළට

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 ඔක්තෝම්බර් මාසයේ දී 2.1%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එය පසුගිය සැප්තැම්බර් මාසයේ දී 1.5% ක් ලෙස වාර්තා වී තිබුණා.

2025 ඔක්තෝම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 3.5% දක්වා වැඩි වී ඇති අතර, 2025 සැප්තැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ 2.9%ක් ලෙසයි.

එමෙන්ම, 2025 ඔක්තෝම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 1.4%ක් දක්වා වැඩි වී ඇති අතර එය 2025 සැප්තැම්බර් මාසයේ දී 0.7% ක් ලෙස වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?