කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අධ්‍යක්ෂ මණ්ඩලයට උසාවි නියෝගයක්

කොළඹ කොටුවේ ඉදිකිරීම් අතහැර දමා ඇති මහල් 60 යුත් The One Trans works ( ක්‍රිෂ්) ගොඩනැගිල්ල මහජන පීඩාවක් සිදුනොවන ලෙස කඩා වැටෙන අනතුරුදායක කොටස් සති 02ක් තුළ ඉවත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

කොන්දේසි සහිත නියෝගයක් නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ කිසිදු ද්‍රව්‍යයක් පහළට නොවැටෙන අයුරින් සහ මහජන පීඩාවක් නොවන අයුරින් එම ගොඩනැගිල්ල පවත්වාගෙන යා යුතු වන බවත්, පහතට වැටෙන සහ වැටිය හැකි
අබලි දිරා ගිය ද්‍රව්‍ය ඇත්නම් එම ද්‍රව්‍ය ඉවත් කරන ලෙසයි.

යම් කොටසක් පහතට වැටීටිමෙන් මහජනතාව පීඩාවට පත්විය හැකි තතත්වයක් තිබේනම් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් යොදන ලෙසත් මේ කොන්දේසි සහිත නියෝගය නිකුත් කරමින් එම සමාගමේ අධයක්ෂ මණ්ඩලයට මහේස්ත්‍රාත්වරිය දන්වා සිටියා.

එහිදී එම සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියේ දින 55 තුළ එම කොටස් ඉවත් කරලීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති බවත් පසුගිය 02 දා සිට 10 දක්වා මහාමාර්ගයේ ගමන් ගන්නා අයවලුන්ට අවම පීඩාවක් වන පරිදි රාත්‍රි කාලයේ එම කොටස් ගලවා ඉවත් කරන බවත් නීතිඥ මඩුල්ල කරුණු දක්වමින් පවසා සිටියා.

එම සමාගම වෙනුවෙන් නිතිඥ හෂිනි ඈපා ඇතුළු නීතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියේ ඒ සම්බන්ධයෙන් දැනටමත් කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම මහපාරට මුහුණ ලා ඇති කොටස ආවරණය වන පරිදි දැලක් දමා ඇතැයි ද නීතිඥ මඩුල්ල ඡායාරූප ඉදිරිපත් කරමින් පවසා සිටියා.

එම සමාගමේ පරිපාලන නිලධාරිනිය ඇතුළු පිරිසක් නඩුව කැඳවූ අවස්ථාවේ දී අධිකරණයේ පෙනී සිටියා.

එම ගොඩනැගිල්ල අනාරක්ෂිත බවට කොටුව පොලීසිය අධිකරණයට කළ කරුණු දැක්වීමට අනුව නඩුව කැඳවූ අතර, එහිදී ප්‍රශ්නගත එම සමාගමේ ගොඩනැගිල්ල හේතුවෙන් විශාල මහජන පීඩාවක් සිදුවන බවත්, දින 55 වැනි කාලයක් මේ සදහා යොදාගැනීම නුසුදුසු බැවින් අවම කාලයකින් එම කටයුතු අවසන් කිරීමට කටයුතු කරන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම මෙම කටයුතු අධීක්ෂණය සදහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මැදිහත් වීම යොමු කරන ලෙස අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමටද අවසර ලබා දුන්නා.

පසුගිය ඔක්තෝම්බර් මස 06 වනදා එම ස්ථානයට ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් මතට එම ගොඩනැගිල්ලේ යකඩ කොටසක් කඩා වැටුණු බවත්, පසුගිය 08 වනදා රාත්‍රියේ ද, එහි තිබූ යකඩ කොටසක් කඩා වැටුණු බවත් හිල්ටන් හෝටලය වෙතට කොටසක් කඩා වැටුණු බවත්, එම අවස්ථාවේ කාර්යාල සේවකයින් මෙන්ම රථ වාහන ද එම ස්ථානයෙන් ගමන් ගත් බවත් පොලීසිය බී වාර්තාවක් මගින් අධිකරණයට දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
2
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?