කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අධ්‍යක්ෂ මණ්ඩලයට උසාවි නියෝගයක්

කොළඹ කොටුවේ ඉදිකිරීම් අතහැර දමා ඇති මහල් 60 යුත් The One Trans works ( ක්‍රිෂ්) ගොඩනැගිල්ල මහජන පීඩාවක් සිදුනොවන ලෙස කඩා වැටෙන අනතුරුදායක කොටස් සති 02ක් තුළ ඉවත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

කොන්දේසි සහිත නියෝගයක් නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ කිසිදු ද්‍රව්‍යයක් පහළට නොවැටෙන අයුරින් සහ මහජන පීඩාවක් නොවන අයුරින් එම ගොඩනැගිල්ල පවත්වාගෙන යා යුතු වන බවත්, පහතට වැටෙන සහ වැටිය හැකි
අබලි දිරා ගිය ද්‍රව්‍ය ඇත්නම් එම ද්‍රව්‍ය ඉවත් කරන ලෙසයි.

යම් කොටසක් පහතට වැටීටිමෙන් මහජනතාව පීඩාවට පත්විය හැකි තතත්වයක් තිබේනම් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් යොදන ලෙසත් මේ කොන්දේසි සහිත නියෝගය නිකුත් කරමින් එම සමාගමේ අධයක්ෂ මණ්ඩලයට මහේස්ත්‍රාත්වරිය දන්වා සිටියා.

එහිදී එම සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියේ දින 55 තුළ එම කොටස් ඉවත් කරලීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති බවත් පසුගිය 02 දා සිට 10 දක්වා මහාමාර්ගයේ ගමන් ගන්නා අයවලුන්ට අවම පීඩාවක් වන පරිදි රාත්‍රි කාලයේ එම කොටස් ගලවා ඉවත් කරන බවත් නීතිඥ මඩුල්ල කරුණු දක්වමින් පවසා සිටියා.

එම සමාගම වෙනුවෙන් නිතිඥ හෂිනි ඈපා ඇතුළු නීතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියේ ඒ සම්බන්ධයෙන් දැනටමත් කටයුතු කරමින් සිටින බවයි.

එමෙන්ම මහපාරට මුහුණ ලා ඇති කොටස ආවරණය වන පරිදි දැලක් දමා ඇතැයි ද නීතිඥ මඩුල්ල ඡායාරූප ඉදිරිපත් කරමින් පවසා සිටියා.

එම සමාගමේ පරිපාලන නිලධාරිනිය ඇතුළු පිරිසක් නඩුව කැඳවූ අවස්ථාවේ දී අධිකරණයේ පෙනී සිටියා.

එම ගොඩනැගිල්ල අනාරක්ෂිත බවට කොටුව පොලීසිය අධිකරණයට කළ කරුණු දැක්වීමට අනුව නඩුව කැඳවූ අතර, එහිදී ප්‍රශ්නගත එම සමාගමේ ගොඩනැගිල්ල හේතුවෙන් විශාල මහජන පීඩාවක් සිදුවන බවත්, දින 55 වැනි කාලයක් මේ සදහා යොදාගැනීම නුසුදුසු බැවින් අවම කාලයකින් එම කටයුතු අවසන් කිරීමට කටයුතු කරන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම මෙම කටයුතු අධීක්ෂණය සදහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මැදිහත් වීම යොමු කරන ලෙස අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමටද අවසර ලබා දුන්නා.

පසුගිය ඔක්තෝම්බර් මස 06 වනදා එම ස්ථානයට ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් මතට එම ගොඩනැගිල්ලේ යකඩ කොටසක් කඩා වැටුණු බවත්, පසුගිය 08 වනදා රාත්‍රියේ ද, එහි තිබූ යකඩ කොටසක් කඩා වැටුණු බවත් හිල්ටන් හෝටලය වෙතට කොටසක් කඩා වැටුණු බවත්, එම අවස්ථාවේ කාර්යාල සේවකයින් මෙන්ම රථ වාහන ද එම ස්ථානයෙන් ගමන් ගත් බවත් පොලීසිය බී වාර්තාවක් මගින් අධිකරණයට දන්වා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46