කොළඹ කොටස් වෙළදපොළෙන් ප්‍රධාන සමාගමක් ඉවත්වෙයි (වීඩියෝ)

කොළඹ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තු ගත විශාලතම සමාගම වන එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ එම සමාගමෙහි ප්‍රධානතම කොටස් හිමිකරුවන් වන ජපාන සමාගම විසින් මේ සම්බන්ධයෙන් සිදුකරන ලද ඉල්ලීමක ප්‍රථිපලයක් ලෙසින් බවයි වාර්තා වන්නේ.

කොළඹ කොටස් වෙළඳපොලෙහි ලැයිස්තුගත විශාලතම සමාගම වන එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමාගමේ මෙලෙස කොළඹ කොටස් වෙළඳපොළෙන් ඉවත්වීමට තීරණය කර ඇත්තේ එහි ජාත්‍යන්තර මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්.

ඒ අනුව, මෙම සමාගමේ වැඩිම කොටස් ප්‍රමාණයක් හිමි ජපානයේ SG හෝල්ඩින්ග්ස් ග්ලෝබල් පෞද්ගලික සමාගම විසින් සිදු කළ ඉල්ලීමකට අනුව ඊයේ දිනයේ දී එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් හි අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙනවා.

එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමාගමෙහි ප්‍රධාන කොටස්කරුවා සහ මුලු ප්‍රාග්ධනයෙන් 82.43% ක හිමිකරුවා වන ජපාන සමාගම, එහි අනෙකුත් සියලුම කොටස් හිමිකරුවන් සතු කොටස් මිලදී ගැනීමටත් කටයුතු කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

මේ වන විට රුපියල් 150.00 සීමාවේ පවතින සමාගමේ එක් කොටසක් මෙම ගනුදෙනුවේ දී රුපියල් 185.00ක මුදලකට මිලදී ගැනීමට සිය සමාගම කටයුතු කරන බවයි එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් නිවේදනය කරන්නේ.

කෙසේ වෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා වන අතිවිශේෂ මහා සභා රැස්වීම ලබන මාර්තු 27 වැනිදා පස්වරු 4.00ට වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගම පවසනවා.

එමෙන්ම එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමාගම වැඩිදුරටත් පවසන්නේ මෙලෙස සිය සමාගම කොළඹ කොටස් හුවමාරු ලැයිස්තුවෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධ ඉදිරි කටයුතු කොටස් හිමිකරුවන්ගේ සහ නියාමන අධිකාරියේ අනුමැතීන් අනුව සිදුවනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කඩන්න බැරි පොහොට්ටුවේනේ අපි" හිමිනම කිව්ව කතාවට දිලිත්ගේ මූණ ඇඹුල් වෙයි
04:17
Video thumbnail
මුල්ලේරියාවේ ජල නළයක් පිපිරී ආ ජල කදට වාහනයකුත් ය#ට වෙයි.."අම්මටහුඩු වාහනේ ය#ට වෙලා බන්"
04:28
Video thumbnail
Kasthirama | "නව වසරේ දේශපාලනය හා ජනතාව" - කස්තිරම විශේෂ වැඩසටහන
01:37:21
Video thumbnail
"ලෑස්ති වෙයව් රට බේරගන්න මමත් එන්නම් උඹලා එක්ක.."160ම චු# වෙලා පලයව් -අපි ඒක කරනවා
08:31
Video thumbnail
"නව මොඩියුලර් ක්‍රමය, අගමැතිව අමාරුවේ දාන්න පැලවත්තෙන් කරපු කුමන්ත්‍රණයක්..?"
01:27
Video thumbnail
මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි.."පච කියන්න එපා..වැඩ බැරි ටාසන්ලා ඉන්නේමෙයාලා බෝධිසත්වයෝනේ"
11:18
Video thumbnail
මිහින්තලේ හිමිව බැහැදකින්න ගිය නාමල්.."රටේ දරුවන්ව විනාශ කරන්න ආපු මෙවුන් ඔක්කොම එලවන්න ඕනේ.."
06:02
Video thumbnail
පෙළපොත් හරහා ආණ්ඩුව විශාල මූල්‍ය වංචාවක් කරලා..අතපසුවීමක් නෙවෙයි - සැලසුම් සහගත වැඩක්
05:53
Video thumbnail
"දැන් සැලුන් දොර නෑ..වහලා තියෙන්නේ" දැන් මේ 77වෙනි අවුරුද්දේ සාඵය නැති කරන්න වෙලා
09:48
Video thumbnail
අක්ෂු ප්‍රනාන්දුගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදු වූ අයුරු.."අනේ මගේ මැණික..අනේ දෙයියනේ"
05:22


?