T20 ලෝක කුසලානයට සිම්බාබ්වේ සංචිතයත් නම් කරයි

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සිම්බාබ්වේ සංචිතය නම්කර තිබෙනවා.

සිකන්දර් රාසාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත්.

සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළ මෙම සංචිතයට සිව් වසරකට පමණ පසු ඉකුත් ඔක්තෝබර් මාසයේ දී යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි හිටපු නායක ග්‍රේම් ක්‍රීමර් ද එක්කර තිබීම විශේෂත්යක්.

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී සිම්බාබ්වේ කණ්ඩායම මූලික වටයේ ‘B’ කාණ්ඩයෙන් තරග වදිනවා.

සිම්බාබ්වේ කණ්ඩායම 2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානට ආරම්භ කරන්නේ ඕමානයට එරෙහිව පෙබරවාරි 09 වනදා පැවැත්වෙන තරගයෙන්.

ලෝක කුසලානය සඳහා නම් කළ සිම්බාබ්වේ සංචිතය පහතින්.

සිකන්දර් රාසා (නායක), බ්‍රයන් බෙනට්, රයන් බර්ල්, ග්‍රේම් ක්‍රීමර්, බ්‍රැඩ් එවන්ස්, ක්ලයිව් මැඩන්ඩේ, ටිනොටෙන්ඩා මපෝසා, තඩිවනෂේ මරුමනි, වෙලින්ටන් මසකඩ්සා, ටෝනි මුනියොංගා, ටෂිංගා මුසෙකිවා, බ්ලෙසින් මුසරබානි, ඩියෝන් මයර්ස්, රිචඩ් න්ගරාවා, බ්‍රෙන්ඩන් ටේලර්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40