20-20 ලෝක කුසලානයට දකුණු අප්‍රිකානු සංචිතය නම් කෙරේ

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් දකුණු අප්‍රිකානු සංචිතය නම්කර තිබෙනවා.

අයිඩන් මාක්‍රම්ගේ නායකත්වයෙන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානට නම් කළ දකුණු අප්‍රිකානු සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

මව්බිම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට යළි ඉදිරිපත් වූ ක්වින්ටන් ඩි කොක් ද මෙවර දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

ඉළ ඇටයක ආබාධයක් හේතුවෙන් සති දහයකට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා ලෝක කුසලාන සංචිතයට නම්කර ඇති අතර, ඇන්රිච් නෝර්ට්ජේ, මාර්කෝ ජැන්සන්, කෝබින් බොෂ්, ලුන්ගි න්ගිඩි සහ ක්වේනා මෆාකා මෙම සංචිතයට ඇතුළත් අනෙකුත් වේග පන්දු යවන්නන් වනවා.

මේ අතර ලෝක කුසලාන තරගාවලියක් වෙනුවෙන් පළමුවවරට පෙනී සිටින ක්‍රීඩකයින් හත්දෙනෙක් දකුණු අප්‍රිකානු සංචිතයේ ඇතුළත්.

කෝබින් බොෂ්, ක්වේනා මාපාකා, ඩිවාල්ඩ් බ්‍රෙවිස්, ටෝනි ද සෝර්සි, ජේසන් ස්මිත්, තුන් ඉරියව් ක්‍රීඩකයින් වන ජෝර්ජ් ලින්ඩේ සහ ඩොනොවන් ෆෙරේරා එම ක්‍රීඩකයින් වනවා.

දකුණු අප්‍රිකානු සංචිතය

ඒඩන් මාක්‍රම් (නායක), කෝබින් බොෂ්, ඩෙවල්ඩ් බ්‍රෙවිස්, ක්වින්ටන් ඩි කොක්, ටෝනි ද සෝර්සි, ඩොනොවන් ෆෙරේරා, මාර්කෝ ජැන්සන්, ජෝර්ජ් ලින්ඩේ, කේෂව් මහාරාජ්, ක්වේනා මාෆාකා, ඩේවිඩ් මිලර්, ලුන්ගි න්ගිඩි, ඇන්රිච් නෝර්ට්ජේ, කගිසෝ රබාඩා, ජේසන් ස්මිත්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26