කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ETC පද්ධතියේ දෝෂයකින් දිගින් දිගටම බැටකන පාරිභෝගිකයෝ (වීඩියෝ)

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ඉලෙක්ට්‍රොනික ගාස්තු අය කිරීමේ පද්ධතියේ සති දෙකක පමණ සිට දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දසත ප්‍රවෘත්ති අංශය කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ, E03 – කොළඹ, කටුනායක අධිවේගී මාර්ගයේ ETC (Electronic Toll Collection System) පහසුකම ලබා ඇති පාරිභෝගිකයන් පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ දැඩි අපහසුතාවට පත් ව ඇති බවයි.

ETC පහසුකම භාවිත කරන පාරිභෝගික ජනතාව සිය ගෙවීම් නිසි පරිදි සිදු කර තිබුණ ද, එය අදාළ ගෙවීම් පද්ධතියට ඇතුළත් වීමට දින දෙකක් හෝ තුනක කාලයක් ගත වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එම අවස්ථාවල දී සිය ගමන්බිමන් කටයුතු සිදු කරන ජනතාවට ETC තාක්ෂණය හරහා පහසුකම ලබා ගැනීමට පෙර සිට ගෙවීම් කටයුතු සිදු කළ ද, ඒවා යාවත්කාලීන වීම නොවීම මත සිදු ව ඇත්තේ නැවතත් අතින් මුදල් ගෙවීමෙන් පසුවයි.

මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ ETC අංශයට ද ඇතැම් පාරිභෝගික ජනතාව පැමිණිලි කර ඇති බවත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිසි විසඳුමක් නොලැබී ඇති බවත් දසත අප කළ සොයා බැලීමේ දී අනාවරණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
3
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21