කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ETC පද්ධතියේ දෝෂයකින් දිගින් දිගටම බැටකන පාරිභෝගිකයෝ (වීඩියෝ)

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ඉලෙක්ට්‍රොනික ගාස්තු අය කිරීමේ පද්ධතියේ සති දෙකක පමණ සිට දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දසත ප්‍රවෘත්ති අංශය කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ, E03 – කොළඹ, කටුනායක අධිවේගී මාර්ගයේ ETC (Electronic Toll Collection System) පහසුකම ලබා ඇති පාරිභෝගිකයන් පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ දැඩි අපහසුතාවට පත් ව ඇති බවයි.

ETC පහසුකම භාවිත කරන පාරිභෝගික ජනතාව සිය ගෙවීම් නිසි පරිදි සිදු කර තිබුණ ද, එය අදාළ ගෙවීම් පද්ධතියට ඇතුළත් වීමට දින දෙකක් හෝ තුනක කාලයක් ගත වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එම අවස්ථාවල දී සිය ගමන්බිමන් කටයුතු සිදු කරන ජනතාවට ETC තාක්ෂණය හරහා පහසුකම ලබා ගැනීමට පෙර සිට ගෙවීම් කටයුතු සිදු කළ ද, ඒවා යාවත්කාලීන වීම නොවීම මත සිදු ව ඇත්තේ නැවතත් අතින් මුදල් ගෙවීමෙන් පසුවයි.

මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ ETC අංශයට ද ඇතැම් පාරිභෝගික ජනතාව පැමිණිලි කර ඇති බවත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිසි විසඳුමක් නොලැබී ඇති බවත් දසත අප කළ සොයා බැලීමේ දී අනාවරණය වුණා.

  1. කුරැණැගල මිරිගම මේ සන්තැදිය මයි. අද හවස 4 මිරිගම පෝලිම කිලෝ මිටර් ගානක් දිගයි. මාත් පැව භාගයකට වඩා පෝලිමේ හිටියා. මට හිතෙන්නේ කාඩ් වලින් ගෙවිමේදි ගතවන කාලය වැඩියි.
    කවුන්ටර් 2 මදි කාඩ්වලට වෙනම ලයින් එකක් දාන්න වෙයි.

  2. දවස් 3 කට කලින් සල්ලි දාගත්ත නම් ඉවරයි.
    අනිත් එක ගාණට සල්ලි දාගන්නේ නැතුව 30k හරි 40k හරි දාගන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17