කොස්ගොඩ හතරමංහන්දිය ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීම දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘ෂාන් මල්ලි’ නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඊයේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි නිමුතු අභිෂාන් නොහිත් රන් මහත්තයා නැමැත්තා තුවාල ලබා රෝහල් ගතකරනු ලැබුවා.
මොහු ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඔහු හුන්ගල්ල ප්‍රදේශයේ සිට කොස්ගොඩ දෙසට ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි ප්‍රහාරය එක්ක කර තිබු බවයි අනාවරණය වී ඇත්තේ.
කෙසේ වෙතත් වෙඩික්කරුවන්ගේ ඉලක්කය මෙම පුද්ගලයා නොවන බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර, අදාළ ත්‍රිරෝද රථයේ හිමිකරුවන ‘බාලේ’ නැමැත්තා වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබෙනවා.
කෙසේ වෙතත් ඊයේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ‘බාලේ’ නැමැත්තාගේ සහෝදරයෙක්.
මේ අතර මීට වසර දෙකකට පමණ පෙර ද ‘බාලේ’ නමැත්තා ඉලක්කකර අහුන්ගල්ලේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
එම වෙඩි තැබීමෙන් ‘බාලේ’ නමැත්තා තුවාල ලබා තිබෙනවා.
‘බාලේ’ නැමැත්තා සහ ‘ෂාන් මල්ලි’ නැමැත්තා අතර කලක සිට පවතින ආරවුලක් මෙම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.





