කොස්ගොඩ වෙඩි තැබීම ‘ෂාන් මල්ලි’ මෙහෙයවා ඇති බවට තොරතුරු – හේතුව ‘බාලේ’ සමඟ කලක සිට පවතින ආරවුලක්

කොස්ගොඩ හතරමංහන්දිය ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීම දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘ෂාන් මල්ලි’ නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඊයේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි නිමුතු අභිෂාන් නොහිත් රන් මහත්තයා නැමැත්තා තුවාල ලබා රෝහල් ගතකරනු ලැබුවා.

මොහු ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඔහු හුන්ගල්ල ප්‍රදේශයේ සිට⁣ කොස්ගොඩ දෙසට ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙ⁣නෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි ප්‍රහාරය එක්ක කර තිබු බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් වෙඩික්කරුවන්ගේ ඉලක්කය මෙම පුද්ගලයා නොවන බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර, අදාළ ත්‍රිරෝද රථයේ හිමිකරුවන ‘බාලේ’ නැමැත්තා වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ‘බාලේ’ නැමැත්තාගේ සහෝදරයෙක්.

මේ අතර මීට වසර දෙකකට පමණ පෙර ද ‘බාලේ’ නමැත්තා ඉලක්කකර අහුන්ගල්ලේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එම වෙඩි තැබීමෙන් ‘බාලේ’ නමැත්තා තුවාල ලබා තිබෙනවා.

‘බාලේ’ නැමැත්තා සහ ‘ෂාන් මල්ලි’ නැමැත්තා අතර කලක සිට පවතින ආරවුලක් මෙම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51