කොස්ගොඩ තාරකගේ සහෝදරයාගේ පෙම්වතියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

සංවිධානාත්මක අපරාධ කල්ලියි නායකයෙකු වශයෙන් සිටි ‘කොස්ගොඩ තාරක’ නමැත්තාගේ සොහොයුරාගේ පෙම්වතියගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි කොස්ගොඩ පොලිසිය පවසනවා.

තිදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ (04) පෙට්‍රල් යොදා දේශීය නිෂ්පාදනය කරන ලද වීදුරු බෝතල් පහකට ගිනි දල්වා මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි වාර්තා වූයේ.

මෙම ප්‍රහාරයෙන් කිසිවකුටත් හානි සිදු ව නැහැ.

නමුත් නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියකට ඉන් දේපොළ හානි සිදු ව තිබෙනවා.

කිසිවකු විසින් මෙම කාන්තාව බියගැන්වීම සඳහා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?