AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් වැලඳී සුවය ලබන පිරිස් ගැන සිංගප්පූරුවෙන් අනාවරණයක්

කොවිඩ් -19 වෛරසය ආසාදනයට ලක්වී සුවය ලබන පුද්ගලයින්ට භෞත චිකිත්සක ප්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දී තිබේ.

වෛරසය ආසාදනයට ලක්වීමෙන් අනතුරුව ඔවුන්ගේ ජීවන තත්ත්වය පෙර පැවති ආකාරයෙන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා භෞත චිකිත්සක ප්‍රතිකාර ලබාදීම සිදුකළ යුතු බව විශේෂඥයින් සඳහන් කර ඇත.

සිංගප්පූරුවේ සෞඛ්‍ය විශේෂඥයින් පිරිසක් විසින් සිදුකළ අධ්‍යයනයකින් මේ පිළිබඳ අනාවරණය වී තිබේ.

ව්‍යායාම ක්‍රම හඳුන්වාදීම, හෘද ස්පන්දන වේගයන් පිළිබඳ සමීපව අධ්‍යයනය කිරීම, ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් සැපයුම ලැබීම කෙරෙහි සැලකිල්ලක් දැක්වීම කොවිඩ් ආසාදනයෙන් පසු සුවය ලැබූ පුද්ගලයින් සඳහා භෞත චිකිත්සක ප්‍රතිකාර ලබාදීමේදී වැඩි අවධානයක් යොමු කළයුතු බව සදහන්ය.

ඒ තුළින් ඔවුන්ගේ දෛනික ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බව සිංගප්පූරු සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වාදී තිබේ.

පසුගිය වසරේදී කොවිඩ් -19 වෛරස ආසාදනයට ලක්වී සුවය ලැබූ එරට පුද්ගලයින් 300 දෙනෙකුට භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා දී තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?