කොවිඩ් රෝගීන් සියයකින් දෙදෙනෙක් මිය යාමේ අවදානමක්

කොවිඩ් රෝගය ආසාදනයවන සියදෙනකුගෙන් පස් දෙනකුම අසාධ්‍යවීමේ ප්‍රවණතාවක් ඉදිරි සතියේදී ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා .

වැඩිදුරටත් ඇය සඳහන් කරන්නේ “රෝගය ආසාදනය වෙන සෑම 100 දෙනෙකුගෙන්ම පස් දෙනකු පමණ තව සති දෙකකදී අසාධ්‍යවීමේ ප්‍රවණතාවක් තියෙනවා.

ඒකෙන් සියයට දෙකක් විතර මරණයට පත්වීමේ ප්‍රවණතාවක් තියෙනවා තවත් සති දෙකක් විතර යනකොට.

අපි අද නොසැලකිලිමත්ව හැසිරුණොත් අපිට ඉන්දියාවට වෙච්ච දේ වෙනවා කියන එක සැකයකින් තොරයි මේ තත්ත්වය නිසා කොවිඩ් පාලනය අවධානයෙන් සහ උනන්දුවෙන් කිරීම වැදගත් වෙනවා.

ඒ වගේම රෝගීන් සොයාගෙන ගොස් හඹාගෙන ගොස් ප්‍රතිකාර කිරීමට කටයුතු කළ යුතුයි.

රෝගීන්ගේ සමීපතමයන් වෙන්කර ප්‍රතිකාර ලබාදීමත් මෙහිදී ඉතාම වැදගත් වෙනවා. ”

” මේ අවස්ථාවේදී කවුරුත් පරිස්සම් විය යුතුයි. සෞඛ්‍ය නීති අකුරටම පිළිපැදිය යුතුයි .

එසේ කටයුතු නොකළහොත් ලොකු ගැටලුවක් ඇතිවෙනවා.

මේ තීරණාත්මක අවස්ථාවේදී සමාජයේ සමහරුන්ගේ හැසිරීම නම් සතුටුදායක නැති බවත් ඇය සඳහන් කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13